(හේමලතා ඞී හේවගේ)
බිත්තර සහ පොල්තෙල් කොළඹට රැගෙන යන මුවාවෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරතවූ පුද්ගලයකු සහ ඔහුගෙන් කුඩු ලබාගෙන අලෙවි කරන තවත් දෙදෙනකු මත්කුඩු සමග කුලියාපිටිය විලපොල ප‍්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි.
අත්‍යාවශ්‍ය ලේබල් අලවාගෙන මත්කුඩු ග‍්‍රෑම් 39 යි මිලි ග‍්‍රෑම් 330 ක් රැගෙන ගිය ගත් 51 හැවිරිදි සැකකරු පළමුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු අත්‍යඅවශ්‍ය සේවා යන දැන්වීම් අලවන ලද ලොරි රථයේ හිස් කෑන් සහ පිදුරු දැමූ බිත්තර නොමැති පෙට්ටි කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කුලියාපිටිය පන්නල ගිරිඋල්ල දඹදෙනිය ඇතුඵ ප‍්‍රදේශවලට මත්කුඩු බෙදාහැර ඇතිබවට කරන ලද මූලික පරික්ෂණවලදී තොරතුරු අනාවර්ණයවූ බව පොලීසිය කියයි
ඔහුගෙන් මත්කුඩු මිලදී ගන්නා බව කියන පුද්ගලයන් දෙදෙනකු ග‍්‍රෑම් 05 යි මිලි ග‍්‍රෑම් 850 ක් හා ග්‍රෑම් 05 යි මිලි ග‍්‍රෑම් 300 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 26 සහ 40 වැනි වියෙහි පසුවෙති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.