(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා සහ ඩී ජී සුගතපාල)
දීර්ඝ කාලයක් තමන් පළාත් පාලන ආයතනවල සේවය කර ඇතත්තමන්ගේ සේවය තවමත් ස්ථිර කර නොමැති බව පවසමින් පළාත් පාලන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (1) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව අවහිර කරමින් පැවැත්විණි.
කෙසේ වෙතත් රජය විසින් රැකියා ලක්ෂයක් ලබා දෙමින් එම සේවකයන් ස්ථිර කිරීමට පියවර ගනිමින් තිබෙන බවද විරෝධතාකරුවෝ කියා සිටියහ.
මේ හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට පිවිසෙන සහ ඉන් පිටතට යන වාහන ගමනාගමනයට ද බාධා පැමිණ තිබිණි.
පසුව මෙම ස්ථානයට පැමිණි වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාමෙම ගැටළුවට ඉක්මණින් විසඳුමක් ලබා දෙන බව පැවසීම හේතුවෙන් විරෝධතාකරුවෝ මෙම ස්ථානයේ විසිර ගියහ.
ඡායාරූප - ඩී ජී සුගතපාල




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd