IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පොහොර බෙදීමේ අසාධාරණයක් ගැන ගොවීන්ගෙන් චෝදනා

(ඩබ්. ඒ. පියතිලක)

පොළොන්නරුව  පුලස්තිගම ගොවින්ට තම වගාවන් සදහා අවශ්‍ය පරිදි පොහොර නොමැතිකමින් ගොවිජන සේවා මධ්‍යස්ථානවල   දින ගණන් පෝලිමේ සිටියත් පොහොර ලබා ගත නොහැකි බවත් තමන් පොලිමේ සිටියදි ගොවිජන සේවා නිලධාරින්ගේ හිතවතුන්ට හොර රහසේ පොහොර ලබා දෙන බවත් ගොවීහු කියති.

ලංකාපුර පුලස්තිගම ගොවිජන සේවා මධ්‍යස්ථානයට අද (27) පොහොර මිටි 500ක්  ලබා දි ඇති නමුත් එයින් ගොවිජනසේවා නිලධාරින්ගේ හිතවතුන්ටත් ගොවි සමිතිවල නිලධාරිනුත් බෙදා ගැනිමෙන් පසු තමන් වෙත පොහොර මිටි 300ක් පමණ ලබා දෙන බවත් එම මිටි 300 ගොවින් 700කටවත් ප‍්‍රමාණවත් නොමැති බවත්  ගොවීහු කියති.

පොහොර යුරියා මිටියක් රුපියල් 2500ක් වුවත් විවෘත වෙළදපොලේ හොර රහසේ එම පොහොර මිටිය  රුපියල් 3000ක් වැනි මිලකට අලෙවි කරන බවත් ගොවීහු පෙන්වා දෙති.

පුලස්තිගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සේවා නිලධාරි එම්. එච්. එම්. ජී. ඩී. විජේකෝන් මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ පෙරදින පොහොර මිටි 500ක් ලැබුණු බවත් ඒවාක ගොවින්ට බෙදලා දෙන අතර හෙටත් යළි පොහොර එන බැවින් ඒවාද ගොවීන්ට බෙදා දෙන බවත් ය.

ගොවීන් පවසන පරිදි කිසිදු වංචාවක් නොවන බවත් කිසිදු ගොවියකුට අසාධරණයක් සිදු නොකරන බවත් ඇය කීවාය.

 



අදහස් (0)

පොහොර බෙදීමේ අසාධාරණයක් ගැන ගොවීන්ගෙන් චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1747 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site