(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය සිට කැකිරාව ප්‍රදේශයේ පාසල්වලට දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද(11) උදේ දඹුල්ල රන්දෙනි වැව ඇළ මාර්ගයෙන් ඉවතට පෙරළීයාමෙන් සිසු සිසුවියන් පස්දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
මෙම බස් රථය ධාවනය වන විට බස් රථය තුල දරුවන් 70ක් පමණ සිටි බවත්, බස් රථයේ පෙරළී අසළ තිබූ කොහොඹ ගහකට ඇලවී තිබීම නිසා මේ ආකාරයෙන් අනතුර අවම වී තිබෙන බව පොලීසිය කියයි.
බස් රථය ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.
එම ස්ථානයේ සිටි ජනතාව බස් රථයේ වීදුරු කඩා දරුවන් එළියට ගෙන තිබිණි.
බස් රථය ධාවනය කරන අවස්ථාවේදී එහි රියදුරු පමණක් සිටි බවත් රියසහයක හෝ කාන්තාවක නොසිටි බව සිසු සිසුවියෝ පවසති.
බස් රථයේ රියදුරුද සුළු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේය.
අනතුර සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පාසල් බස් රථයක් පෙරැළී සිසුහු 5ක් රෝහලේ