(මොහොමඩ් ආසික්)
පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් බොක්කාවල පහළ හිඟුල්වල ප්‍රදේශයේ දී පුවක් ගසක් කඩා වැටීමෙන් 47 හැවිරිදි විවාහක පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි.
අද (6) පෙරවරුවේ මෙම පුද්ගලයා පුවක් කැඩීම සඳහා පුවක් ගසකට නැඟ ඇති අතර පුවක් අත්තක් කඩද්දී ගස කඩාගෙන අසලින් යන එකලා විදුලි රැහැනකට වැටී ඇති අතර එහිදී ඔහු විසි වී අසල ප්‍රපාතයකට වැටීමෙන් බරපතල තුවාල ලබා තිබේ. ඒ අවස්ථවේදීම ප්‍රදේශවාසින් මොහු රෝහලට ගෙන ගියද ඒ වන විටත් මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ පහළ හිඟුල්වල ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ත කරුණාරත්න නැමැති විවාහක පුද්ගලයෙකි.
මොහුගේ මෘත ශරිරය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර මහ රෝහලට යොමු කර ඇති බවත් පොලිසිය කියයි.
පූජාපිටිය පොලිසීය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පුවක් ගසක් කඩා වැටී පුද්ගලයෙකු මියයයි