පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුන්ගස්යායේ ඤානිස්සාර නාහිමියන්ගේ මෑණියන්වූ පරලෝ සැපත් වීරක්කොඩි අමරකෝන් හීංහාමි මාතාවගේ 14 වන ගුණ සමරු පිංකම වෙනුවෙන් මිද්දෙණිය ග්‍රාමීය රෝහලේ රණවිරු වීරක්කොඩි වාට්ටු සංකීර්ණය සඳහා අත්යාවශ්යව තිබු රාක්ක සහිත මේස ලබාදෙනු ලැබිය.
ඤානිස්සාර නාහිමියන් විසින් රුපියල් තුන් කොටි පනස් ලක්ෂයකට අධික වියදමක් දරා ඉදිකළ මෙම වාට්ටු සංකීර්ණය විවුර්ත කරනු ලැබුවේ පසුගිය ජුනි මාසයේදීය.
රුපියල් දෙලක්ෂ පනස්දාහක වියදමක් දරා රෝහලේ සියලුම ඇඳන් සඳහා මේස පරිත්‍යාග කල අතර එම දිනයේ නේවාසිකව සිටි සියලුම රෝගීන්හට දිවා ආහාර වේලද මුල්‍ය ආධාර සහ වෙනත් වියලි අහාරද පිරිනමනු ලැබිය. මීට අමතරව අමරකෝන් මෑණියන්හට පින් පතා මුරුන්ගස්යායේදී සංඝගත දක්ෂිණාවක්ද, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි නේවාසික භික්ෂුන් වහන්සේලාහය දානයද පිරිනමනු ලැබිය.
ප්‍රංශයේ පැරිස් නුවර වැඩවසමින් යුරෝපය පුරා විශිෂ්ඨ ධර්මදුත මෙහෙවරක නිරතවන ඤානිස්සාර හිමියෝ බොහෝ කලක සිට ශ්‍රී ලංකාවේ ආර්ථික අපහසුතා ඇති වෛද්‍ය සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම ඇතුළු සමාජ සේවා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරති. මුරුන්ගස්යායේ ඤානිස්සාර හිමි පදනම මඟින් සිදු කරන මෙම සේවා සියල්ල ශ්‍රී ලංකාවේ සිට අධීක්ෂණය කරමින් එම කටයුතු පිළිබඳව නිතර සොයා බලමින් උදව් උපකාරීවන භික්ෂුන් වහන්සේලා සහ ගිහි පින් වතුන්ටත් පදනමේ වැඩකටයුතු සඳහා අතහිත දෙන සියලුම දෙනාටත් ඤානිස්සාර නාහිමියෝ පුන්යානුමොදනා කළහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පැරිස් නාහිමි මවගේ අගය දකී
ශ්‍රීලාල් Sunday, 04 September 2016 11:42 AM
ගරුතර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ මේ පුණ්‍යකටයුතු ඉතාමත් උත්කෘෂ්ටයි!! අපි සියලු දෙනාම අගය කරමු. ඔබ වහන්සේට ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)