පැරිස් නුවර ජේතවන බෞද්ධ විහාරස්ථානයේ වෙසක් පිංකම පසුගියදා විහාරාධිපති මුරුන්ගස්යායේ ඤානිස්සාර හිමියන්ගේ අනුශාකත්වයෙන් සහ ශ්‍රී ලාංකික මෙන්ම ප්‍රංශ, වියට්නාම, කාම්බෝජ සහ චීන ජාතික බෞද්ධ බැතිමතුන් විශාල දෙනෙකුගේ සහභාගීත්වයේ පවත්වනු ලැබිය.
පිංකම සඳහා පැරිස් බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙනියේ ආනන්ද, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර, බද්දේගම සීගල පුරාන විහාරාධිපති බැදිගම චන්ද්‍රාලෝක, කිරින්දේ සෝමසිරි, මහගම සුනීත, විතාරන්දෙණියේ විමලරතන, මාපලගම ජිනානන්ද, බැදිගම මනිරතන, කාම්බෝජයේ කස්සප, කඳුරුපොකුනේ ධම්මාලෝක, කන්දවින්නේ රාහුල, බුරුමයේ යුකුමාර, තැල්ලෙවැවේ ආනන්ද යන මහා සංඝ රත්නය සහභාගී වුහ.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2312
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරිස් ජේතවන විහාරයේ වෙසක් පිංකම්
සමන් පැරිස් Friday, 27 May 2016 03:40 PM
හරිම ලස්සනයි සාදු සාදු පිළිවෙළකට වැඩක් කරන පන්සලක් නායක හාමුදුරුවන්ට අපේ ප්‍රණාමය (බ)
එම්. ගුණානන්ද හිමි Friday, 27 May 2016 05:04 PM
සුමිතුරු සඳ ඇවිත් සක්මන් කරනු වැනී.... පිවිතුරු වදන් මුවගින් මල් ඉසිනු වැනී.... දිවිතුරු වෙසෙන අතරේ සිත නිවනු වැනී... ලොව්තුරු මුනිඳු දෙසු දම්කඳ ඇසෙනු වැනී ... (නි)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 28 May 2016 12:31 AM
වෙසක් සඳ ශ්‍රී ලංකාවට පායන සේම පැරිස් පුරවරයටත් පායනවිට බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඇලළෙන බැතිමතුන් ජේතවන විහාරයට පියනඟන්නේ මොනතරම් සතුටකින්ද? අපේ මුරුන්ගස්යායේ ඤානිස්සර නායක හිමියන් කවදත් ඉටුකරන ශාසනික මෙහෙවර මෙවරත් ඉටුකර ඒ උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ ආකාරය ඡායාරූප වලින් දැක බලාගෙන ඉතාමත් සතුටට පත්වුණා. මේ හිමියන් ඇතුළු මේ උත්සව වලට කවදත් සහය දෙන සියලුම හිමිවරුන්ට මෙන්ම මීට සහභාගිවූ සියලුම සැදැහැවතුන්ට නීරෝගී සුව ලැබේවා! (නි)
නන්ද ප්‍රංශය Sunday, 29 May 2016 05:16 AM
දැකීම සතුටක්. සහභාගිවීමට නොහැකිවීම කණගාටුවක්. තිස්ස මඩවල මහතා ,මෙවැනි දේ ගැන කලින් දැනගැනීමට සළස්වනවා නම් ඔබට (සැමට) පින්! ස්තුතියි! (නි)