IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පුරාවිද්‍යා නිලධාරියකුගේ නිවසට ගල් ගැසූ මුරකරුවන් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුරකරුවන්ගේ අධීක්ෂණ නිලධාරියාගේ නිවසට සහ මෝටර් රථයට ගල් ගසා අලාභ හානි කළ මුරකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ කේ. ටී. එස්. විජේසුරිය සහ ප්‍රමෝද් මධුෂික යන දෙදෙනාය.
 
මෙම මුරකරුවන් ගල් මුල්වලින් පහරදී ඇත්තේ අනුරාධපුර, පුජා නගරයේ අංක 05 කලාප කාර්යාලයේ සේවයේ නියුතු ආර්. එම්. රාමනායක මහතාගේ පෙරමියන්කුලම පිහිටි නිවසටය.
 
පසුගිය 08 වැනි දින මොවුන් දෙදෙනා බීමත්ව සේවයට පැමිණි අවස්ථාවේදි මෙම නිලධාරියා ඔවුන්ව ආපසු හරවා වා ඇතැයිද ඊට විරෝධය පළ කරමින් මෙම අලාභ හානි කර ඇතැයිද පොලිසිය කියයි.
 
මොවුන් දෙදෙනා එම අලාභය වශයෙන් රුපියල් 20,000ක මුදලක් අද(11) පැමිණිලිකරුට ගෙවා පොලිසියේදී සමතයකට පත්වූ බව අනුරාධපුර පොලිසිය වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

පුරාවිද්‍යා නිලධාරියකුගේ නිවසට ගල් ගැසූ මුරකරුවන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site