IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

(සිරංගිකා ලොකුකරවිට)

ගිං ගඟ සහ කළු ගඟ අවට ඇතැම් ප්‍රදේශයන්හි සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද උදෑසන වනවිට අධික වර්ෂාව හේතුවෙන් ගිං ගඟ පිටාර ගැලීමෙන් නියාගම, තවලම සහ නෙළුව ප්‍රදේශයන්හි සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇත.

කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් රත්නපුර, ඇලපාත, කිරිඇල්ල කුරුවිට සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ රැසක් කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන්  ජලයෙන් යටවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.ඒම්.ඒම්.ආර්.අලවතුගොඩ මහතා පවසයි.

ගිං ගඟෙහි තවලම ජල මාපකයේ ජල මට්ටම අඟහරුවාදා රාත්‍රී 8.00 වනවිට මීටර 4.92 දක්වා ඉහළ ගොස් තිබූ අතර එය සුළු ගංවතුර මට්ටම වන මීටර 4.5 ඉක්මවා යාමකි.

තවලම මහ ගංවතුර මට්ටම මීටර 6.1කි. කළු ගඟේ රත්නපුර ජල මාපකයේ සුළු ගංවතුර මට්ටම මීටර 7.4ක් වන අතර අඟහරුවාදා රාත්‍රී 8.00 වනවිට ජල මට්ටම එම මට්ටම ඉක්මවා ගොස් ජල මාපකයේ මීටර 7.9ක් ලෙස දැක්විණි. එම ස්ථානයේ මහ ගංවතුර මට්ටම මීටර 9.5ක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නෙළුව, තවලම, මාපලගම, හිනිදුව ආදී ප්‍රදේශ රැසක් වැසි ජලයෙන් යටවී තිබූ මාර්ග රැසක් ද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුව තිබිණි.

 



අදහස් (0)

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32436 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14935 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9901 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 388 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site