විජේරත්න රත්නායක
මිනිස් පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත්වූ ආහාර වර්ග අලෙවි කළ හාලිඇල ගලඋඩ ප්‍රදේශයේ වෙළෙන්ඳන් දෙදෙනෙකුට බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා එක් අයෙකුට රුපියල් 2500.00 බැගින් රුපියල් 5000.00 ක දඩ මුදලක් නියම කළේය.
කල් ඉකුත්වූ තක්කාලි සෝස් ඇසුරුම් අලෙවි කළ බවට වරද කරු වූ වක්කුඹුර, ගලඋඩ, හාලිඇල යන ලිපිනයේ එස්.ඒ.එම්.අන්ශාන් යන අයට සහ කල්ඉකුත් වූ පානීය කිරි පැකට් අලෙවි කළ බවට වරද පිළිගත් හාලිඇල නාරංගල එස්.ප්‍රශාන්තන් යන අයටද මෙසේ දඩ නියම විය.
කන්දකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කේ.ඒ.ඩී.පී.කුමාරසිංහ මහතාගේ උපදෙස් මත කන්දකැටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දුමිඳු වැලිකන්න මහතාගේ මෙහෙයවීමෙන් ගලඋඩ හා කන්දකැටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ඉසුරු පැතුම්, ලක්මිණ වසන්ත යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් විසින් කරන ලද හදිසි වැටලීමකට අනුව සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පරණ කෑම විකුණූ දෙදෙනකුට දඩ