(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
වටවල ප්‍රදේශයේ ඉකුත්(09) දා කළ පුද්ගල ඝාතනය සම්බන්ධව මියගිය පුද්ගලයාගේ පුතා ද සැකපිට අද(11) අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය පවසයි. ඝාතනය සම්බන්ධයෙන් මීට ඉහත මිය ගිය තැනැත්තාගේ බිරිඳව ද අත්අඩංගුවට ගෙන තිබිණි.
සිය නිවස තුළදී බිරිඳගේ පහර කෑමට ලක්ව මියගිය පුද්ගලයකු සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම කළ බව වටවල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්වුයේ, වටවල පොලිස් වසමට අයත්, වටවල පදිංචිව සිටි ආරුමුගම් ජේරාමන් (45) නැමති තිදරු පියෙකි.
ඉකුත් (08) දා රාත්‍රියේ 9.00 ට පමණ පෞද්ගලික ආරවුලක් දුරදිග යාම නිසා බිරිඳ යකඩ පොල්ලකින් සිය සැමියාගේ හිස හා ගෙල ප්‍රදේශවලට පහර දී ඝාතනය කළ බවට එම කාන්තාව විසින්ම පොලිසිය වෙත කළ පාපොච්චාරණයකට අනුව වටවල පොලිසිය විසින් මෙම මිනීමැරුම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කළේය.
මෙම සිද්ධියට අදාළ ස්ථානය (09)දා පරීක්ෂා කළ හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා මළ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා දික්ඔය රජයේ දිස්ත්‍රික් මූලික රෝහල වෙත යොමු කරන ලෙස පොලීසියට නියෝග කළේය.
දික්ඔය මූලික රොහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඉනෝකා රත්නායක මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෙය ගෙල තදින් සිරකර සිදුකළ මිනීමැරුමක් බවට නිගමනය කළාය.
අත්අඩංගුවට ගෙන තිබෙන ඔහුගේ බිරිද වන සැකකාරියට පමණක් එම කටයුත්ත සිදුකළ නොහැකි බවට විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය විසින් කළ නිගමනය අනුව නැවත පරීක්ෂණ ආරම්භකළ වටවල පොලිසිය සැකකාරියගේ පුතා වන 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (11) හැටන් දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පියා ඝාතනය කළැයි පුතා සැකපිට අත්අඩංගුවට