(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලංගොඩ පඔහින්න ප්‍රදේශිය රෝහලේ නේවාසික ප්‍රථිකාර සිදු කිරිම සහ නේවාසිකව රෝගීන් ඇතුලත් කර ගැනිම දැනට මාස පහක කාලයකසිට නතර කර දමා ඇතියි ජනතාව කියති.
පඔහින්න ප්‍රදේශිය රෝහලේ එයට පෙර විශාල පිරිසක් නේවාසික ප්‍රථිකාර ලැබු බවත් එය පැය විසිහතර පුරා විවෘතව තැබුණ රෝහලක් බවද ඔවුහු කියති.
නේවාසිකව ප්‍රතිකාර ලබා දිම නතර කිරිමත් සමග මේ වන විට එම රෝහල පෙරවරුවේ සිට පස්වරුව දක්වා පමණක් භාහිර රෝගීන් සදහා විවෘතව තැබෙන බව ජනතාව පෙන්වා දෙති.
දැනට එහි බාහිර ප්‍රථිකාර පමණක් සිදු කෙරෙන බවත් මේ හේතුවෙන් හදිසි රෝගීන් බලංගොඩ මුලික රෝහලට ඇතුලත් කිරිමට සිදුව තිබෙන බවද ජනතාව කියති.
මේ හේතුවෙන් බලංගොඩ මුලික රෝහලේ නේවාසික ප්‍රථිකාර ලබන රෝගීන්ගේ ධාරිතාවයද ඉහළ ගොස් ඇතැයි ජනතාව වැඩිදුරටත් පෙන්වා දෙති.
මේ සම්බන්දයෙන් සබරගමු පලාත් සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතාගෙන් කල විමසිමකදි මෙසේ කීය.
රෝහල වැසි යාමක් සිදු වෙලා නැහැ.වෛද්‍යවරුන්ගේ තිබෙන හිගය නිසා තමයි එහි බාහිර රෝගීන් සදහා පමණක් ප්‍රතිකාර සිදු කරන්නේ.වෛද්‍ය වරුන් දෙදෙනකු අවශ්‍යයි.දැනට සිටින්නේ එක් වෛද්‍ය වරයෙකු පමණයි.
ඒ නිසා දැනට පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වා බාහිර රෝගීන් සදහා ප්‍රථිකාර කටයුතු සිදු කෙරෙනවා. හදිසි රෝගියෙකු ආවොත් රෝහලට ඇතුලත් කරගෙන බලංගොඩ මුලික රෝහල වෙත මාරැ කර යවනවා. මෙම රෝහලට තවත් වෛද්‍ය වරයෙකු පැමිණිමට නියමිතයි.ඉන් පසු රොහලේ නේවාසික වාට්ටුව පැය විසිහතර පුරා විවෘතව තැබිමට පුළුවන් යැයි කපිල කන්නන්ගර මහතා වැඩිදුරටත් කිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පඹහින්න රෝහලේ නේවාසික ප්‍රථිකාර නැවතිලා