IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පෙම්වතියගේ අසැබි දර්ශන ඇතැයි පෙම්වතා රවටා කප්පම් ඉල්ලලා

(මොහොමඩ් ආසික්)

පෙම්වතියගේ අසභ්‍ය  දර්ශන අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරමින් ඇයගේ පෙම්වතා වූ රජයේ සේවකයකුගෙන්  කප්පම් ගැනීමට උත්සාහ කළ කාර්මික විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු කොටු කර ගැනීමට කටුගස්තොට පොලීසිය සමත්ව තිබේ.

රජයේ ආයතනයක සේවය කරන තරුණයෙකු අම්පාර ප්‍රදේශයේ තරුණියක සමඟ පෙම් සබඳතාවයක් පවත්වාගන ගොස් ඇති අතර තරුණියගේ දුරකථන අංකය පෙම්වතාගේ මිතුරකු විසින් ඔහුගේ මිතුරකුට ලබා දී තිබේ.  ඉන් පසුව එම තරුණියට මෙම තරුණයාගෙන් දිගින් දිගටම මිස් කෝල් ලැබෙන බවට පෙම්වතිය විසින් පෙම්වතාට දැනුම් දී ඇති අතර පෙම්වතා එම අංකයට ඇමතුමක් ගෙන මේ ගැන විමසා තිබේ. එහිදී  එම තරුණයා ප්‍රකාශ කර ඇත්තේ මෙම තරුණියගේ අසභ්‍ය දර්ශන තමන් සතු  බවත් ඒවා අන්තර්ජාලයට මුදානොහැරීමට නම් කප්පමක් ලබා දෙන ලෙසත්ය. මේ  ගැන බියට පත්ව ඇති පෙම්වතා වහාම  කටුගස්තොට පොලීසියට ගොස් පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ල සටහන් කරන අවස්ථාවේදීත් මෙම තර්ජනාත්මක දුරකථන ඇමතුම ලැබී තිබේ. ඒ අනුව පොලිසිය ඒ මොහොතේම ක්ෂණිකව සහ සූක්ෂම ලෙස මෙම කප්පම් කල්ලිය වැටලීමට සැලසුමක් සකස් කර ඇති අතර කප්පම ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කර කප්පම්කරුවන් කටුගස්තොට නගරයේ එක්තරා ස්ථානයට ගෙන්වා ගෙන ඇත.

පසුව කප්පම්කරුවන් ස්ථානය වෙනස් කර වෙනත් ස්ථානයකට පැමිණෙන ලෙස දන්වා ඇති අතර සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් එහි ගොස් කප්පම්කරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන් වයස අවුරුදු 17 හා 20 යන වයස්වල පසුවන කාර්මික විද්‍යාලයක ඉගෙනුම ලබන කටුගස්තොට ප්‍රදේශයේම පදිංචි  සිසුන් දෙදෙනකු බව අනාවරණය වී තිබේ. මොවුන් ප්‍රකාශ කළ  ආකාරයට  එම තරුණියගේ කිසිදු අසභ්‍ය දර්ශනයක් ඔවුන් සතුව නොමැති බවද අනාවණය වී ඇති අතර එම තරුණිය හා ඔවුන් අතර කිසිදු හැඳුනුම්කමක් හෝ නොමැති බවද හෙළිවී තිබේ.



අදහස් (0)

පෙම්වතියගේ අසැබි දර්ශන ඇතැයි පෙම්වතා රවටා කප්පම් ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2385 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site