පුත්තලම - ජුඩ් සමන්ත
පා පැදියක් ගල් වලකට වැටීමෙන් එහි ගමන් කරමින් සිටි අය මිය ගොස් ඇති බව පල්ලම පොලීසිය කියයි.
පසුගිය 23 වැනිදා රාත්‍රී 7.30 ට පමණ ආඩිගම - මදවක්කුලම,වැටිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ ආඩිගම - මදවක්කුලම,වැටිය පදිංචිකරුවෙකු වූ ඩී.එම්.සෙබස්තියන් (අවු:58) නම් අයෙකි.
පා පැදිකරු තමන්ගේ පා පැදියෙන් ගමන් කරමින් සිටින විට එය එක් වරම අඩි 200 කට වඩා ගැඹුරු ගල් වලට ඇද වැටී ඇත.අනතුරින් තුවාල ලබා සිටි පා පැදිකරුව එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ප්‍රතාකර ලබමින් සිටින අතර තුර ඔහු මිය ගොස් ඇත.
අනතුර සිදුවී ඇත්තේ මිය ගොස් ඇති අයගේ නිවස ආසන්නයේදීමය.
වසර කීපයක් තිස්සේ ආඩිගම - වැටිය ප්‍රදේශයේ සිදු කරන කළු ගල් කැඩීම නිසා මේ වන විට ප්‍රදේශය පුරා විශාල ආගාධ නිර්මාණය වී ඇත.මෙම කළු ගල් වලට වැටීම නිසා ගෙවී ගිය මාස කීපය තුළ තිදෙනෙකු මිය ගියේය.පසුගිය වසරේදී මේ ආකාරයට අනතුරු රැසක් මෙම ගල් වලවල් හේතුවෙන් සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් කියති.
පවතින අනතුරු දායක තත්ත්වයට පිළියමක් ලෙස කුමන ආකාරයකට හෝ වේවා මෙම ගල් වලවල් වසා දැමීමට කටයුතු කරන ලෙස වගකිව යුතු අයගෙන් ගම්වාසීන් ඉල්ලා ඇතත් ඊට මේ වන තුරු පිළියම් ලැබී නැත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාපැදිය ගල්වලකට වැටී අයෙක් මරුට