(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව කල්ලිකුලම් ප්‍රදේශයේදී පසුගිය 9දා තරුණයකු ඝාතනය කල බවට සැකකරන පුද්ගලයකු සැඟව සිටියදී අද (17) අලුයම අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.
වවුනියාව සින්නපුදුකුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කේ. සුරේන්ද්‍ර ප්‍රකාශ් තරුණයා පසුගිය 09 වනදා වවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේදී ත්‍රි රෝදයකින් රැගෙන ගොස් ඝාතනය කර කල්ලිකුලම් කැලෑවකදී මළ සිරුර පුලුස්සා තිබියදී පොලීසිය සොයාගෙන තිබිණි.
වවුනියාව පොලිස් කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය සතියක කාලයක් තුලදී සන්නිවේදන තාක්ෂණය යොදාගනිමින් ඝාතනය කළ බවට සැකකෙරෙන වවුනියාව මුරුගනූර් ප්‍රදේශයේ පදිංචි නඩරාජා ක්‍රිෂ්ණලෝජන් නැමති 25 හැවිරිදි තරුණයෙකු මාතර ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු විසින් පසුව පොලීසියට කළ පාපොච්චාරණයකදී තමන් එම ඝාතනය කළ බවට වරද කළ බව පිළිගෙන ඇත. සැකකාර තරුණයා එම තැනැත්තාව ඕමන්ත කල්ලිකුලම් ප්‍රදේශයට රැගෙන ගොස් ඝාතනය කර ත්‍රි රෝද රථයේම ඉන්ධන ගෙන පුලුස්සා මියගිය තරුණයාගේ ගෙලේ තිබූ රන්මාලය හා මුදල් රුපියල් 2800 ක් රැගෙන පලා ගිය බවද පවසා ඇත.
ඝාතනය සඳහා යොදාගත් පිහිය ඇතුලු මිය ගිය තරුණයා සතුව තිබූ දෑ වැසිකිලි වළකට දමා තිබියදී පොලීසිය සොයගෙන ඇත. මිය ගිය තරුණයාගේ රන් මාලය මාතර ප්‍රදේශයේ රුපියල් 89,000කට උකස් කර තිබියදී එයද සොයාගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද (17) දින වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පුද්ගල ඝාතනයකට සැකපිට අයෙක් අත්අඩංගුවට