IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පදික මාරුවේ ගමන්ගත් කාන්තාවක් ත්‍රීරෝදරථයේ ගැටී රෝහලේ

කුෂාන් ජයවර්ධන  
 
කැකිරාව තලාව මාර්ගයේ බස්තියන් සිල්වා විද්‍යාලය ඉදිරිපිට පදික මාරුව මතදී අද 25 සිදුවූ අනතුරකින් පදික මාරුවේ ගමන්ගත් කාන්තාවක හා ත්‍රීරෝද රථ රියදුරකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

 
ඉහළගම සිට කැකිරාව දෙසට ගමන්ගත් ත්‍රී රෝද රථයක් බස්තියන් සිල්වා පාසැල ඉදිරිපිට පදිකමාරුවේ ගමන්ගත් කාන්තාවකගේ ගැටීමෙන් අනතුර සිදුව තිබිණ. 
 
විශ්‍රාමික ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයකු පැදවූ බව කියන ත්‍රී රෝද රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබිණ. කාන්තාවගේ ගැටුන ත්‍රීරෝද රථය ඒ අසළ වූ ඔරුගල්සෑය පුරාණ රජමහ විහාරස්ථානයේ ආරක්ෂක තාප්පයද කඩාගෙන ගොස් පංසල්වත්ත තුළ පෙරැලී ගොස් තිබිණ. 
 
පදික මාරුව මතදී සිදුව තිබූ එම අනතුරින් තවාල ලබා ඇත්තේ මලව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකි. අනතුරින් අදාළ ත්‍රිරෝද රථ රියදුරාද තුවාල ලබා ඇති අතර ඔහු විජිතපුර උස්ගල ප්‍රදේශයේ පදිංචි ආබාධිත තත්ත්වයේ පසුවන 43 හැවිරිදි විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයෙකි. 
 
තුවාල ලත් එම දෙදෙනා ප්‍රතිකාර සඳහා කැකිරාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර මහ රෝහලට මාරු කර යවා තිබේ.
 
ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.පොලිසිය පවසන්නේ ත්‍රීරෝද රථ රියදුරුගේ අධික වේගය හා අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇති බවයි.



අදහස් (4)

පදික මාරුවේ ගමන්ගත් කාන්තාවක් ත්‍රීරෝදරථයේ ගැටී රෝහලේ

ශාන්ත කුමාර Wednesday, 25 April 2018 03:57 PM

මාරයාගේ රථය ත්‍රිරොද රිය.

:       0       0

ශාන්ත කුමාර Wednesday, 25 April 2018 04:03 PM

මඟ මරුවාගේ රථය ත්‍රිරොද රථය.

:       0       0

Perera Wednesday, 25 April 2018 06:52 PM

රියදුරාට විරුද්ධව නඩු දාල දඬුවම් දුන්නොත් "රණවිරු දඩයමක්" කියලා කෑ ගහන්නත් අය ලංකාවේ ඉන්නවා.

:       0       0

sanjaya Thursday, 26 April 2018 02:26 AM

අද වනවිට කොළඹ පදික මාරුවක නියමිත මාර්ග සංඥා දල්වා තිබියදීත් පදිකයින් අතරින් යනවා. පොලිසියත් නොදැක්ක සේ ඉන්නවා. රටේ නීතිය බල්ලට ගිහින් ද? ඕනනම් මරදාන පොලිසිය අසල පිහිටි පදික මාරුව හොඳම උදාහරණයක්. වගකිවයුත්තන්ට අසල තිබෙන කඩවල කැමරා මගින් ඇත්ත නැත්ත බලාගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site