IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පැතුම් ඉටුවෙන්න දිගු කාලීන පියවර

පසුගිය වසරේ සිදු වු දේශපාලන පරිවර්තනයත් සමඟ ජනතා අභිලාෂ ඉටු කිරීම සඳහා දිගු කාලීන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට නියමිත බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද (01) පැවැසීය.

දිගු කාලීන සාමයත් සංහිඳියා ක්‍රියාවලියත් ඇති කිරීමේ මාර්ගයට ආණ්ඩුව පිවිස ඇති බවත් පවතින ජාතික ආණ්ඩුව දිගු කාලීන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට රුකුලක් වී ඇති බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එහිදි කීවේය. 

ඇමෙරිකා එක්සත් ජනපද හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ හා ආයෝජන ගිවිසුම් රාමුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ආරම්භක සැසියේදී අදහස් දක්වමින් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එම කරුණු කීය. 

එහිදි අදහස් දැක් වූ මෙරට ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් මහතා මෙසේ ද කීය. 

“ජාතික සංහිඳියාත් ආර්ථික සංවර්ධනයත් අතර පවතින සබඳතාවට ශ්‍රී ලංකා කදිම උදාහරණයක්. පසුගිය දේශපාලන පරිවර්තනයත් සමඟ ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම් ආදී කරුණුවලින් විශාල ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ලොව කාර්යබහුලම මුහුදු මාර්ගයක් ආසන්නයේයි. එම නිසා ශ්‍රී ලංකාවට අපි හැම සෑම අයුරකින්ම සහයෝගය දීමට කැමැත්තෙන් සිටිනවා ” යැයි මෙරට ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් මහතා වැඩිදුරටත් කීවේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් අරුන් කුමාර්, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර වෙළෙඳ නියෝජිත මයිකල් ඩෙලනි සහ දෙරටේ ප්‍රධාන ව්‍යාපාරික හා වෙළෙඳ ආයතන නියෝජනය කරන පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ



අදහස් (0)

පැතුම් ඉටුවෙන්න දිගු කාලීන පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31317 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13527 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site