ජුඩ් සමන්ත
වෙසක් දිනය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ පවත්වා ගෙන ගිය දන්සැල් 265 ක් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමත් වුහ.
වෙසක් දිනයේ සහ ඊට පසු දින දන්සැල් 295 ක් පවත්වන බව සංවිධායකයින් විසින් ප්‍රදේශවල පළාත් පාලන ආයතන වෙත දැනුම් දී ලියාපදිංචි වී තිබේ. ඉන් 93 ක් බත් දන්සැල් ද ඉතිරි 202 සිසිල් පැන් සහ වෙනත් දන්සැල් වේ.
වෙසක් දිනය තුළ පමණක් පරීක්ෂා කළ දන්සැල් අතරින් බොහෝමයක් ලියාපදිංචි කර පෙර උපදෙස් ලබා තිබූ ඒවා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සභාපති සාගර සමරසිංහ මහතා පැවසීය.
පරීක්ෂා කරන ලද දන්සල් අතරින් 56 කට සංවිධායකයින්ට අවවාද කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉන් දන්සැල් 3 ක සංවිධායකයින්ට දැඩි ලෙස අවවාද කර ඇත. මෙසේ දැඩි ලෙස අවවාද කර ඇති දන්සැල් පවත්වන බවට පළාත් පාලන ආයතන වෙත දැනුම් දී ලියාපදිංචි වීමක් කර නොතිබුණු ඒවා වීම විශේෂත්වයකි.
අවවාද කර ඇති දන්සැල් බොහෝමයක් සිසිල් බීම දන්සැල්ය.මාළු අයිස් භාවිතා කරමින් සිසිල් බීම සකස් කිරීම,ඇල්මේනියම් ඇතුළු නුසුදුසු භාජන වල ආහාර ඇසිරීම,ආහාර සකස් කරන පිරිස් නියමිත සෞඛ්‍ය රීති භාවිතා නොකිරීම අවවාද කිරීම් වලට ලක් වීමට හේතු වී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුත්තලමේ දන්සැල් 56කට අවවාද