(ඉන්දිකා රාමනායක)
වැල්ලවත්ත ගාලුපාරේ පිහිටි නිමිඇදුම් සාප්පුවක් බිඳ සොරාගෙන ඇදුම්ය යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු නිමි ඇදුම් තොගය ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකරුවන් දෙදෙනා යතුරු පැදියෙන් පැමිණ ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ මෙම නිමිඇදුම් හලේ පිටුපස දොර කඩා එයට ඇතුළු වී එහි තිබු කාන්තාවන්ගේ , ළමුන්ගේ ඇතුලු ගොගයක් සොරාගෙන පොහොර උර තුනක පුරවා යතුරු පැදියේ බැඳ රැගෙන යමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විසින් (7) දින අලුයම 4.00 පමණ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගවට ගත් ඇදුම්වල වටිනාකම ලක්ෂ 3 ට අධික වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔවුන් තදින්ම මත්කුඩු වලට ඇබ්බැහිව සිටින්නන් බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd