(මොහොමඞ් බුහාර්ඩින් - ගලේවෙල)
ගලේවෙල කුඹුක්ගොල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස ලදු කැලෑවක ළිඳක් හාරන මුවාවෙන් අඩි 100 යට නිධානයක් හැරිමට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
ගලේවෙල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතාට අද (13) ලැබුණ තොරතුරකට අනුව විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදුකරනු ලැබීය.
ගලේවෙල කුඹුක්ගොල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස ලදු කැලැවක ඉතා සුක්ෂම අයුරින් ළිඳක් හාරන මුවාවෙන් 100 යට දෝනාවෙන් නිධානය කැනීම් කරමින් සිටියදි සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පොලිසිය සමත් විය
සැකකරුවන් නිධානය හෑරීමට යොදාගත් ගල් විදින හැමර් යන්ත්‍ර 2ක් ඩෙටනේටර් හා පුපුරණ දුව්‍ය වතුර මොටරයක් ඇතුලු පූජා භාණ්ඩද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මෙම ස්ථානයේ අඩි 100 යට මැණික් ගල් හා සුවර්ණාභරන නිධන් කර ඇතැයි කිසිවකු විසින් අඳුනකින් බලා පැවසීම නිසා මෙලෙස නිධානය හැරිමට සැකකරුවන් උත්සාහ කර ඇතැයි පොලිසිය පවසයි. සිද්ධියට සම්බන්ධ කපුවෙකු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරික්ෂන පවත්වාගනෙ යයි.
සැකකරුවන් කඩවත හා ගලේවෙල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් 14දා දඹුල්ල මහේස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

2025 දෙසැම්බර් මස 04
138
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිධානයක් හැරිමට ගිය තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට