(ඩි.ජී.සුගතපාල)
ඇල්පිටිය නාවලකන්ද ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි යුද හමුදා සෙබලෙකු සහ තවත් අයෙකු අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇති හමුදා සෙබලා බලපිටිය හිනටිය පදිංචි යුද හමුදාවේ ඉංජිනේරු සේවා බළකායේ පානදුර කඳවුරේ සේවය කරන සෙබලෙකි. අනෙක් සැකකරු කරන්දෙණිය ජයබිම පදිංචි 23 හැවිරිදි සැකකරුවෙකි.
එම ස්ථානයේ තිබි ගල් විදිමට ගන්නා ඩ්‍රිල් යන්ත්‍රයක්,යකඩ කටු සහ අලවංගු ගැනීමට යොදාගත් වයර සහ ත්‍රී රෝද රථයක් ද අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද (8) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd