(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් මාන්කුලම් පොලිස් බලප්‍රදේශයේදී තුනුක්කායි උදයසූරියන් නගර් ප්‍රදේශයේ පදිංචි පවුලක 14 වියැති ළමයෙකු දියනෑමට ගොස් අතුරුදහන් වූවේයැයි දරුවාගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිළි කොට ඇත.

විජයකුමාර් විදුසන් නැමති දරුවා දිය නෑම සඳහා අසල් වූ නිවසකට ගොස් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් දරුවාගේ දෙමාපියන් හා අසල්වැසියන් සොයාබැලුවද දරුවා විසින් රැගන ගිය ඇඳුම් පමණක් හමුවුවත් දරුවා හමුනොවීම හේතුවෙන් ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත.

දරුවා ළිඳට වැටී ඇත්දැයි සොයා බැලුවද හමු වී නොමැති අතර දරුවාට සිදුවූවේ කුමක්දැයි යන්න මෙගෙක් හෙලි වී නොමැති හෙයින් දෙමාපියන් සහ ඥාතීන් දැඩි සේ අසරණව ඇති අතර අතුරුදහන් වූ දරුවා පිළිබඳව සෙවීමට පරික්ෂණයක්ද අරඹා ඇතැයි මාන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.