IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නව පාලම ගැන ආණ්ඩුකාරයා වාර්තාවක් ඉල්ලයි

(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එරත්නාගොඩ සහ උඩකඩ ගම් දෙක යාකර කුරු ගඟ හරහා ඉදිකරන නව පාලම පෞද්ගලික ඉඩමක කොටසකින් අනවසරයෙන් ඉදිකරන බවට එම ඉඩම්හිමියා විසින් කර ඇති දැනුම්දීම සම්බන්‍ධයෙන් වහාම කරුණු සොයා බලා ඉඩම් හිමිකරුට සහනයක් දිය හැකිදැයි දැනුම් දෙන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා කුරුවිට ප‍්‍රාදේශීය ලේකම්වරියට ලිඛිතව නියෝග කර තිබේ.

කුරුවිට, උඩකඩ,  පාලම අසල පදිංචි, පී.ඒ. සෙනෙවිරත්න යන අය විසින් ආණ්ඩුකාරවරයා වෙත කළ ඉල්ලීමක් අනුව ආණ්ඩුකාරවරයා මෙම නියෝගය කර ඇත.

උඩකඩ සහ එරත්නාගොඩ ගම් දෙක යාකර ඇති අඩි තුනේ කොන්ක‍්‍රීට් පාලම වෙනුවට වාහන යාහැකි වෙනත් පාලමක් රජයේ හෝ විදේශ ආධාර මත ඉදිවෙන බව පවසන සෙනෙවිරත්න මහතා නව පාලම ඉදිකරන්නේ තමන්ට උසාවි නඩු තීන්දුවකින් හිමිවුණ පර්චස් දහයක ඉඩමේ කොටසක්ද අයත් කරගෙන බව පවසයි.
මෙම ගම්දෙක යාකරන පාර තිබියදී තමන්ගේ පෞද්ගලික ඉඩමකින් මෙසේ ඉදිකිරිම නිසා පර්චස් පහක කොටසක් අහිමිව ඇති බවත් ඔහු ආණ්ඩුකාරවරයාට දන්වා තිබුණි.

එසේම ඔහු පදිංචි නිවසට යන පාරද අවහිර කර ඇති බවත් මේ සම්බන්‍ධයෙන් පළාත් ඉංජිනේරු සේවා ආයතනයට දැනුම් දුන්න ද ඵලක් නොවූ නිසා ආණ්ඩුකාරවරයාගෙන් සහනයක් ඉල්ලා සිටි බව ද ඔහු කීවේ ය.

පාලම ඉදිකිරිම සම්බන්‍ධයෙන් තමන්ගේ විරෝධයක් නැති බව පවසන සෙනෙවිරත්න මහතා තමන්ගේ ඉඩමට සිදුවු හානියට රුපියල් දසලක්‍ෂයක වන්දියක් ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි බව ද කීවේ ය.



අදහස් (0)

නව පාලම ගැන ආණ්ඩුකාරයා වාර්තාවක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 724 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site