IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


නිවසකට ඇතුළු වූ කතක් කළ පිහි ඇනුමකින් අයෙක් රෝහලේ

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි ) 


බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත්  උලුපිටිය  ප්‍රදේශයේ  නිවසකට  ජනේලයකින්  ඇතුළු  වූ  කාන්තාවක්  එහි  නිදා  සිටි  පුද්ගලයකුට අද(15) පිහියෙන්  ඇන තුවාල කර  පලා ගොස් ඇතැයි පොලිසිය  පවසයි.

පිහි ඇනුමෙන්  තුවාල  ලබා ඇත්තේ  බලන්ගොඩ උලුපිටිය  ප්‍රදේශයේ පදිංචි  43 හැවිරිදි  පුද්ගලයෙකි.  
 
තුවාල ලැබූ තැනැත්තා බලන්ගොඩ  මූලික රෝහලට ඇතුළත් කිරීමෙන්  පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහරෝහල  වෙත  මාරුකර යවා  ඇති  බවද පොලිසිය පවසයි.
 
මෙම පුද්ගලයා  සිය දෙවනි විවාහක  බිරිඳ  සමග අලුයම  නිවසේ සිටියදී  ඔහුගේ පළමු විවාහයේ භාර්යාව  නිවසේ  ජනේලයේ  ඉටිරෙදි  ඉරා  නිවසට  ඇතුළු වී  එම පුද්ගලයාට පිහියෙන්  ඇන ඇත. 
 

මෙම කාන්තාව, තුවාල ලැබූ පුද්ගලයාගේ පළමු භාර්යාවට  අයත් අත්බෑගයේ තිබී රුපියල් 9,000ක පමණ  රන් භාණ්ඩ සහ රුපියල්  500ක  මුදලක් ද සොරාගෙන ඇතැයි  පොලිසිය කියයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර  කාන්තාව  අත්අඩංගුවට  ගැනීමට  බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 



අදහස් (0)

නිවසකට ඇතුළු වූ කතක් කළ පිහි ඇනුමකින් අයෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32378 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14884 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 381 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site