IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක

(රංජිත් රාජපක්ෂ)      
                  

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව ටින්සින් නගරයේ ව්‍යාපාරිකයෝ සහ ප්‍රදේශවාසීහු එක් ව අද (15) උද්ඝෝෂණයක නිතරවූහ.
 
මේ හේතුවෙන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු පැය භාගයක පමණ කාලයක් ඇන හිට තිබුණි.
 
බගවන්තලාව ටින්සින් නගරයේ පිහිටි හින්දු සංස්කෘතික ශාලාවේ පාලක සභාවට නොදන්වා, කිසිදු අනුමැතියකින් තොරව, මීට මාස දෙකකට පෙර නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නොර්වුඩ් ප්‍රාදේශීය සභා කාර්යාලය ස්ථාපනය කළ බව පවසමින් එම පිරිස  උද්ඝෝෂණයේ  නිරත වූහ.
 
අලුතින් පිහිටුවන ලද නොර්වුඩ් ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය කාලයක් තිස්සේ නොර්වුඩ් පුලියාවත්ත නගරයේ පුස්තකාල ගොඩනැගිල්ලේ පවත්වාගෙන ආ අතර පසුව ප්‍රධාන කාර්යාලය බගවන්තලාව ටින්සින් නගරයේ පිහිටි සංස්කෘතික ශාලාව වෙත තාවකාලිකව රැගෙන ඒමට එම ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කොලන්දවේල් මහතා පසුගිය දා කටයුතු කර තිබුණි.
 
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම්වරයාගෙන්  හින්දු සංස්කෘතික අමාත්‍යංශය විසින් ඉල්ලා ඇත. එම ඉල්ලීමට අදාළ පරීක්ෂණය නොපවත්වා ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාගේ මැදිහත්වීමක් මත එම පරීක්ෂණය ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සිදු නොකරන බවටද  උද්ඝෝෂණයේ නියැලි සිටි පිරිස චෝදනා කළහ.
 
ප්‍රාදේශීය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා කියා සිටියේ තමන් නීත්‍යනුකූලව නොර්වුඩ් ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව ටින්සින් සංස්කෘතික ශාලාවේ  ස්ථාපනය කළ බවය.



අදහස් (0)

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32436 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14935 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9901 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 388 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site