(සමීර තිලකරත්න )
කෑගල්ල, නිල්වක්ක, වඩුවාදෙණිය ප්‍රදේශයේ කැලෑ බද පෙදෙසක තිබී නාඳුනන මළ සිරුරක කොටස් අද(5 ) සොයාගත් බව කෑගල්ල පොලිසිය පවසයි.වඩුවාදෙණිය, බෙලිගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.කේ. ලීලා රංජනී නැමැති කාන්තාවක් මෙසේ මියගොස් සිටින බවට අනුමාන කළහැකි බවත් පසුගිය දෙසැම්බර් 17 වැනිදා සිට ඇය ආගිය අතක් නොමැති බවට පැමිණිල්ලක් ඇගේ දියණිය විසින් දෙසැම්බර් 18 වැනිදා සිදුකර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
වඩුවාදෙනිය, ‘ජයවර්ධන වත්ත ප්‍රදේශයේ’ලඳු කැලෑවට අද (5) දින උදෑසන 8 ට පමණ, දර කැඩීමට ගිය අසල්වැසි නිවසක කාන්තාවක් විසින් දැඩි දුර්ගන්ධයක් පැතිරීම කළ සොයා බැලීමකදී මළ සිරුර හමුවී ඇති අතර ප්‍රදේශවාසීන් මේ පිළිබඳ පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට හා කෑගල්ල මුලස්ථාන පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය එහි පැමිණ ඇත.
මෙම මළ සිරුර බොහෝ සෙයින් නරක් වී ඇති අතර, ඉල ඇට පෑදී, ඇඟෙහි තිබු රෙදිකඩට අයත් පෙදෙසේ පමණක් හම ඉතිරිව තිබුණි. මළ සිරුර සතුන් විසින් කා දමා තිබු අතර එය තිබු තැනට මීටර් කිහිපයක් ඈතින් වන්නට හිස්කබල වැටි තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නාඳුනන මළ සිරුරක කොටස් හමුවෙයි