IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නිධන් හෑරූ 5ක් අත්අඩංගුවට

( ක.ග කරුණාරත්න)
 
ඇලහැර, කෝට්ටපිටිය, යාය 14 ප්‍රදේශයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන පුද්ගලයෝ 05 දෙනෙක් ඊයේ (03) රාත්‍රී 10.30 ට පමණ සැකපිට අත් අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි.
 
 
පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේ බිලි පූජාව සඳහා රැගෙන ආ බව කියන කුකුළෙක්,  මල්, බුලත් සහිත පූජා වට්ටියේ තබාගෙන කට්ටඩියා මන්ත්‍ර ජප කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
අඩි 20 ක් පමණ ගැඹුරැති විශාල වළක් හාරා ඒ තුළින් විශාල ගල් පුවරු ආදිය ගොඩ දමා තිබූ බව පොලිසිය කියයි.
 
 
එම කැණීම සඳහා උපයෝගී කර ගත් බව කියන උදලු, අලවංගු, යාන්ත්‍රික ගල් විදිනයක්, වතුර මෝටරයක්, ජල නල ආදියද පූජා භාණ්ඩ, සුවඳ දුම්, තෙල්, මල්, පහන් ද පොලිසිය අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වේ. 
 
 
පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් ගෙන් එක් අයෙකු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සිව්දෙනා කෝට්ටපිටිය, මඩුදමන යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බව විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරීහු කියති.
 
 
මේ පිළිබඳව බකමූණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.                                        
 



අදහස් (0)

නිධන් හෑරූ 5ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31639 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14064 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site