(අමල් වික්‍රමරත්න)
70 වැනි නිදහස් උළෙල සැමරීම සදහා පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් උත්සවය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අභියසදී හෙට(04) පෙරවරු 8.00 පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය නිලධාරී සහන් හේවා ගමගේ මහතා පවසයි.
මේ හේතුවෙන් පෙරහුරු දිනය පැවැත්වෙන අද(03) සහ හෙට (04) ගාලු නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය පවසයි.
ඒ අනුව හෙට පෙ.ව 7.00 සිට 11.00 දක්වා පමණක් කොළඹ සිට මාතර දක්වා ගාලු පාර භාවිතා කරන වාහනවලට විකල්ප මාර්ග භාවිත කිරීමට සැලසුම් කර තිබේ.
මෙම කාලය තුළ ගාලු නගරය හරහා මාතර දෙසට ගමන් ගන්නා විශාල බව්සර් රථ, කන්ටේනර් රථ,ස්කැමර් රථ විකල්ප මාර්ග ඔස්සේ ගමන්කළ නොහැකි බැවින් බුස්ස සහ මහමෝදර ප්‍රදේශයේදී නතරකර තබනු ඇත.
කොළඹ දෙසින් පැමිණෙන සෙසු වාහනවලට ගාල්ල දුම්රිය ස්ථානය අසලින් වමට හරවා බස් නැවතුම මගහැර ගාමිණි මාවත ඔස්සේ පොලිස් ස්ථානය ඉදිරිපිටින් මාතර දෙසට ගමන් කිරීමට සිදුවෙනු ඇත.
මාතර දෙසින් පැමිණෙන වාහන ගාල්ල රණවිරු ස්මාරකය අසලින් ක්‍රීඩාංගන වට රවුම ඔස්සේ දුම්රිය පල ඉදිරිපිටින් කොළඹ දෙසට ධාවනය කිරීමට සිදුවේ.
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිදහස් දිනයට ගාල්ලේ ගමනාගමනය වෙනස් වෙයි