(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නීති විරෝධී අන්දමින් ධීවර යාත්‍රා මගින් මුහුදු මාර්ගය ඔස්සේ විදේශ ගත වීමට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු සහ හලාවත පොලීසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැක සහිත අයුරින් රැදී සිටියදී ලැබුණු තොරතුරකු මත මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කුඩා ප්‍රමාණයේ ලොරි රථයකින් හලාවත ඉරණවිල මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සඳහා සහය දුන් ලොරි රථයේ රියදුරු සහ රිය සාහායකද අත්අඩංගුවට ගෙන තිබේ
අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලාච්චේන ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 20 – 40 ත් අතර පසුවන දමිළ ජාතිකයන්ය. ලොරි රථයේ රියදුරු සහ සහයක සිංහල ජාතිකයන් වන අතර ඔවුහු මාරවිල සහ තොඩුවාව ප්‍රදේශයේ පදිංචි අය වෙති.
එම ප්‍රදේශයේ මා දැල් රැකියාව පවත්වාගෙන යාමට පැමිණි මුවාවෙන් මෙම ජාවාරම සිදු කිරීමට කටයුතු යොදා ඇති බව හලාවත පොලිසිය මගින් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වාගෙන යයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නීතී විරෝධීව බෝට්ටු මගින් රට යන්න හැදූ 10 ක් අත්අඩංගුවට