IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නාත්තන්ඩිය මුස්ලිම් විද්‍යාලය අසල උණුසුම් තත්ත්වයක්


 
(ජුඩ් සමන්ත)

නාත්තන්ඩිය-කොට්ටරාමුල්ල අල්හිරා මුස්ලිම් මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්ථාන මාරු නොකරන ලෙස ඉල්ලා පිරිසක් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වන විට විදුහල්පතිවරයා මාරු කළ යුතු යැයි තවත් පිරිසක් එම ස්ථානයේ ම විරෝධතාවයේ නියැලීමත් සමඟ දෙපාර්ශවය අතර අද (25) දහවල් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ සිසු සිසුවියන් 1200 ක් පමණ ඉගෙනුම ලබති. ප්‍රදේශයේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට ඇති එකම මුස්ලිම් පාසල මෙය බව පිරිසක් කියා සිටියි.

එමෙන්ම වත්මන් විදුහල්පතිවරයා පාසලට පැමිණීමෙන් පසුව පාසල තුළ අධ්‍යාපනික සහ විනය අතින් විශාල වර්ධනයක් වී ඇති බවත් ඔවුන් කියා සිටියි. විදුහල්පතිවරයා ගෙන යන ක්‍රියාවට විරෝධය දක්වන ගුරුවරුන් කීප දෙනෙකු සහ ඔවුන්ට සහාය පල කරන අතලොස්සක් විදුහල්පතිවරයාට විරෝධය දක්වන බවද එම පිරිස කියා සිටියේය.

එමෙන්ම විදුහල්පතිවරයාට එරෙහිව ක්‍රියා කරන බහුතරයක්ගේ දරුවන් මෙම පාසලට නොයන බවත්,එම දරුවන් ජාත්‍යන්තර පාසල් වලට අධ්‍යාපන කටයුතු සඳහා යන බවත්,විදුහල්පතිවරයාට පක්ෂපාතීත්වය දක්වන්නේ ප්‍රදේශයේ දුප්පත් පිරිසක් බවද විරෝධතාවයට එක්ව සිටි එක් කණ්ඩායමක් කියා සිටියේය.
 



අදහස් (1)

නාත්තන්ඩිය මුස්ලිම් විද්‍යාලය අසල උණුසුම් තත්ත්වයක්

ශාන්ත කුමාර Wednesday, 25 April 2018 03:52 PM

ආදි ශිෂ්‍ය සංගම් සහ මව්පියන් එක්කත් පාසල් ගෙන යන්න බෑ. ඒ ගොල්ලන්ට පැත්තකට වෙලා ඉන්න කියන්න. පාලකයන් අවශ්‍ය තීරණ ගනීවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site