IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නකල්ස් වත්තක අකුණු සන්නායක සෙවූ 4ක් අත්අඩංගුවට

ඉන්දික අරුණ කුමාර
 
ලෝක උරුම දුම්බර වනපෙතේ බෙබෲක් පෙදෙසේ ඉංග‍්‍රිසි ආණ්ඩු පාලන සමයේ යැයි සැලකෙන ඉපැරණි තේ කර්මාන්ත ශාලාවක් පිහිටි භූමියේ ඉපැරණි අකුණු සණ්නායකයක් සොයා අඩි 15 ක් පමණ කැණිම් දෙකක් සිදුකළ සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව දඹුල්ල විශේෂ කාර්යය බලකාය පවසයි. 

විදේශිය රටක පුද්ගලයකුට රුපියල් කෝටි 15 ක මුදලකට අකුණු සණ්නායකය ලබාදෙන පොරොන්දුව මත මෙම කැනීම සිදුකර ඇති බව විශේෂ කාර්ය බලකාය සිදුකළ මුලික පරික්ෂණ වල දී අනාවරණය වි තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර ව්‍යාපාරිකයෙකු ද සිටින බව විශේෂ කාර්යය බලකාය පවසයි.

ලග්ගල ප‍්‍රාදේශිය ලේකම් වරයාට ලද තොරතුරකින් අනතුරුව  දඹුල්ල විශේෂ කාර්ය බලකාය , ලග්ගල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලීය නිලධාරින් හා මාතලේ දිස්ත‍්‍රික් වන සංරක්ණ නිලධාරින්ගේ ද සහාය ඇතිව වැටලීම සිදුකර තිබේ.

අකුණු සණ්නායකය පවතිනවා යැයි හඳුනාගත් ප‍්‍රදේශයට අඩි 15 පමණ ගැඹුරින් දෝනා දෙකක් ඔස්සේ පිරිස කැණීම් සිදුකර තිබේ.

ව්‍යාපාරිකයා විසින් කැණීම් සිදුකළ පුද්ගලයින්ට, එක් අයෙකුට ලක්ෂ පහ බැගින් ගෙවන පොරොන්දුව යටතේ කැනීම සිදුකර ඇති  බව ද අනාවරණය වී ඇත.

පැය 2 කට පමණ කැනීම් සිදුකළ දෝනාවක්  විශේෂ කාර්යය බලකායට හමු වී ඇත. කුඩා ජෙනරේටරයක් ,දෝනාව ඇතුලේ බැටරියක් ආදාරයෙන් විලූලිය ලබාදී තිබු බව පවසයි.

මීට අමතරව  තෙල් ,මල්, බිත්තර ඇතුළු පූජා භාණ්ඩ රැසක් ද පසුව හමුවී තිබේ.



අදහස් (0)

නකල්ස් වත්තක අකුණු සන්නායක සෙවූ 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 738 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2395 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site