IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


නකල්ස් රක්ෂිතයේ වල්ලපට්ටා කැපූ තිදෙනෙක් අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)
 
නකල්ස්  අධි පරිසර සංවේදී කලාපයේ කාලයක් තිස්සේ වල්ලපට්ට ජාවාරමක නිරතව සිටි පුද්ගලයන්  තිදෙනකු  රුපියල් ලක්ෂ පහළොවකට පමණ වටිනාකමින් යුත් වල්ලාපට්ට තොගයක් සමඟ  නකල්ස් වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ   දන්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ත්  ඔවුන් සන්තකයේ තිබී වල්ලා පට්ට කිලෝ 15  ආසන්න ප්‍රමාණයක් ත්‍රිරෝද රථයක් සහ එදා සියුම්ව  වල්ලාපට්ටා කපා ගැනීම සඳහා උපයෝගී කරගන්නා උපකරණ රැසක් බව නකල්ස් අඩවි වන නිලධාරී ඒ .වී .ඩී . අමරසිංහ මහතා පැවසීය.
 
නකල්ස් අධි පරිසර සංවේදී කලාපයේ රෙඩ්බානා   කොටස ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන   අයකුගේ සහයෝගයෙන් ඉතා සූක්ෂම ලෙස මෙම කණ්ඩායම කාලයක් තිස්සේ රක්ෂිතයේ වල්ලපට්ටා ශාකය කපා ගෙන යන බවට තොරතුරු ලැබී තිබුණු බවත් ඒ අනුව අවස්ථා ගණනාවක් ම ඔවුන් කොටුකර ගැනීමට උත්සාහ කළ ද නොහැකි වූ බව වන නිළධාරීන් පවසති.
 
පසුව ඉතා සූක්ෂම ලෙස පැය 48 ක පමණ කාලයක් නකලස් රක්ෂිතයේ රැක සිටිමින්  මෙම පුද්ගලයන් තිදෙනා සැකපිට වල්ලපට්ට ද සමඟ අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය.

සැකකරුවන් නාවුල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූපය මහේෂ් කීර්තිරත්න )



අදහස් (0)

නකල්ස් රක්ෂිතයේ වල්ලපට්ටා කැපූ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32466 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14961 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9910 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site