IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


දළඹු උවදුරින් වඳුරඹ වැසියෝ ගම්හැර යති

(ඩී.ජී.සුගතපාල)
 
වඳුරඹ පොලිස් වසමේ, ලේල්වල වතුයායේ දළඹු විශේෂයක් ව්‍යාප්ත වීම හේතුවෙන් පවුල් කිහිපයක් තාවකාලිකව ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇතැයි  ප්‍රදේශවාසීහු පවසති.

වතුයායේ කටුපොල් වගාවට ආරක්ෂිත වගාවක් ලෙස ඇති උදුවැල් වගාවට මෙම දළඹුවන් ව්‍යාප්ත වීමෙන් හානි වී ඇතැයි ඔවුහු කියති. ආනයනය කරන ලද උදුවැල් මගින් මෙම දළඹුවන් පැමිණෙන්ට ඇති බවත් දළඹුවන් ඉතා ඉක්මණින් ප්‍රදේශය පුරා පැතිරී යන බවත් ප්‍රදේශවාසීහු  චෝදනා කරති.

මේ සම්බන්ධව බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද දැනුවත් කර ඇති අතර මෙම දළඹුවන් විනාශකිරීමට පියවර ගන්නා බව වතු අධිකාරී ඩී. ඒ. එස්. සෙනරත් මහතා ප්‍රදේශවාසීන්ට පවසා ඇත. 

මෙම දළඹු උවදුර පිළිබඳව හෙට (28) පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්විමේදී සාකච්ඡා කර විසඳුමක් ගැනීමට නියමිත බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.



අදහස් (0)

දළඹු උවදුරින් වඳුරඹ වැසියෝ ගම්හැර යති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32060 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14525 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11248 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 34 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site