IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දියේ ගිලී කාන්තාවක් මරුට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ ඇල්ල කන්ද දොලෙහි දිය  නෑමට ගිය කාන්තාවක්  දියේ   ගිලීමෙන්  මිය ගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි .

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හොරණ, ඇල්ල කන්ද පදිංචිව සිටි සම්මුගන් සත්‍යවානි (45)  නැමැත්තියකි.

දිය නෑමට ගොස්  පැය කීපයක් ගතවන තුරු ඥාතිවරිය නිවසට නොපැමිණි බව  සමීප ඥාතිවරියක් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වීමේදී  කාන්තාවගේ මළ මළසිරුර දියේ ගිලී තිබී හමුවූ බව පොලිසිය කියයි 

මෙම කාන්තාව අසනීප ගතියකින් පෙළෙන බව සමීප ඥාතිවරියක පොලිසියට ලබාදුන් ප්‍රකාශයක  සඳහන් වේ 

ඇය  දිය නෑමට පැමිණෙන අවස්ථාවේදී සේදීම සඳහා රැගෙන ආ වලං කීපයක් ද දොල අසල තිබූ බව පොලිසිය කියයි 

කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ  තැන්පත් කර ඇත 

හොරණ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි ගිනිගේ  මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බි   විමලරත්න පොලිස් සැරයන්  59258 වීරකෝන් මහත්වරු පරීක්ෂණ පවත්වයි 

 



අදහස් (0)

දියේ ගිලී කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site