IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


දියර කිරි ගෙන යන මුවාවෙන් මුව මස් ජාවාරමක්

( හිරාන් ප්‍රියංකර )

දියර කිරි ප්‍රවාහනය කරන අතර තුර  රහසිගත ලෙස කැබ් රථයක මුවමස් රැගෙන යමින් සිටි  සැකකරුවකු  අද (4) නවගත්තේගම අඩවි වන ජීවි කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන  ඇත්තේ  නවගත්තේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකි.

සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදි මුවන් දඩයම් කර මස් ලබා දෙන දඩයම්කරුද නවගත්තේගම මොරගහවැව ප්‍රදේශයේදි බඳින කඳන් හා අනෙක් දෑ සමඟ අත්අඩංගුවට ගත් බව වන ජීවි නිලධාරීහු පවසති.  
 
 මුව මස් රැගෙන ගිය කළ සැකකරු දියර කිරි රැගෙන එන අතරතුර මුවමස් ජාවාරමද සිදුකර ඇති බව කියයි.
 
අදාළ ජාවාරම කලක සිට සිදුකර ඇති බවට වන ජීවි නිලධාරින් සැකකරන අතර ලැබුණ තොරතුරක් මත එම නිලධාරින් කැබ් රථය පසු පස හඹා ගොස් දැඩි පරිශ්‍රමයකින් පසුව කැබ් රථය හා සැකකරුද මුව මස් කිලෝ 25 කට ආසන්න ප්‍රමාණයද අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි.
 
අත් අඩංගුවට ගත් දඩයක්කරු බදින තුවක්කුව සකසා තිබුණේ මීයන් ඇල්ලිමට යොදා ගන්නා උගුලක් උපයෝගි කර ගනිමින් බව වන ජීවි නිලධාරීහු පවසති. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 



අදහස් (0)

දියර කිරි ගෙන යන මුවාවෙන් මුව මස් ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32306 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14815 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 86 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 368 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1293 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site