IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


දෙමටගොල්ලට වන අලි කඩා වැදී පවුල් 300ක් පීඩාවට

(කාංචන කුමාර ආරියදාස)

ගල්කිරියාගම, දෙමටගොල්ල ගම්මානවලට හයදෙනෙකුගෙන් යුතු වන අලි රංචුවක් කඩාවැදීම හේතුවෙන්,  පවුල් 300ක් පමණ සති ගණනාවක සිට පීඩාවට පත්ව සිටින බව ගම්වාසීහු කියති.

අලි රංචුව රාත්‍රී කාලයේදී ගම්වැදී නිවාසවලට පහර දී, පොල් ගස් කඩා දමා, වගා විනාශ කරන බැවින් ජීවිත අවදානමක් පවතින බව ජනතාව පෙන්වා දෙති.

පොල් ගස්වලට හිස තබා ඵල දරන පොල් ගස් රැසක් අලි පෙරළා දමන බවද, අහස්කූරු උපයෝගී කරගනිමින් නිදිවර්ජිතව අලි පන්නා දමන බවද ගම්වාසීහු කීහ.

කහල්ල පල්ලෙකැලේ   සහ රණව රක්ෂිතවලින් මෙම වන අලි ගම් වදින බවත්, ආහාර හිඟය නිසා මේ ආකාරයෙන් ගම්වදින බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

බලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්න ද කිසිදු අවධානයක් නොමැති බවද ජන ජීවිතය වන අලි උවදුරෙන් බේරාකරදෙන්නැයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැවසූයේ සිය කාර්යාලයට අයත් බල ප්‍රදේශ සියල්ලකටම පාහේ අලි කඩා වැදී වගා විනාශ කරන බවයි. සීමිත සේවකයන් පිරිසකගෙන් මෙම කලාප සියල්ල ආවරණය කිරීම අපහසු බවද හැකි ආකාරයෙන් නිදි වර්ජිතව වන අලි පලවා හැරීමට කටයුතු කරන බවද ඔවුහු කියාසිටිති.



අදහස් (0)

දෙමටගොල්ලට වන අලි කඩා වැදී පවුල් 300ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 431 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 215 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1930 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site