(එස් .ඩි.කොඩිකාර )
කොටපොළ ප්‍රාදේශීය සභාවට අයත් දෙනියාය නගරයේ මාළු ලෑලි 3 සඳහා නව වසරට ටෙන්ඩර් පත් කැඳවීමෙන් පසු මාළු වෙළඳුන් සහ කොටපොළ ප්‍රාදේශීය සභාව අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි මාළු වෙළෙන්දෝ කියති.
දෙනියාය සතිපොළේ මාළු ලෑලි තුනෙන් පළමු හා දෙවැනි මාළු ලෑලි දෙක ලක්ෂ 51කට අලෙවි වී ඇති අතර තෙවැනි මාළු ලෑල්ල ලක්ෂ 19කට අලෙවි වී ඇත.
මෙම මාළු ලෑලි තුනම එකක් රුපියල් ලක්ෂ 11 බැගින් වන මුදලකට කොටපොල ප්‍රාදේශීය සභාව මගින් ටෙන්ඩර් කැදවා ඇති අතර මෙහි පළමු හා දෙවන මාළු ලෑලි පවත්වාගෙන යන්නේ දෙණියාය නගරයේ කොමර්ෂල් බැංකුව ඉදිරිපිටය.
මේ නිසා දෙනියාය ප්‍රධාන මාර්ගයේ විශාල වාහන තදබදයක් මෙන්ම මෙම මාළු ලෑලි අවට විශාල දුර්ගන්දයක්ද පවතින නිසා මහජනතාවද දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇත.
මෙම මාළු ලෑලි දෙක සකි පොල අසලට රැගෙන යන ලෙස ප්‍රාදේශීය සභාව එය මිළදී ගත් අයට පවසා ඇතත් ඔවුන් පවසනුයේ එක මාළු ලෑල්ලකට ලක්ෂ 25 ක පමණ මුදලක් ගෙවා ඇති නිසා පොළ අසලට එය රැගෙන යාමේදී සතියේ අනෙකුත් දින 6 දී මහජනතාව එම ප්‍රදේශයේ නිරන්තරයෙන් නොගැවසෙන නිසා දිනකට බදු ගෙවීමට අවශ්‍ය තරම් මාළු වෙළඳාමක් කර ගත නොහැකි බවයි .
මේ නිසා දෙණියාය නගරයේ මාළු මිල ඉතා අධික වන අතර ටිකට් එකක් නිකුත් කර ඕනෑම කෙනකුට මාළු විකිණීමට හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් අඩු මිලට ජනතාවට මාළු මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන බව ද මාළු වෙළෙන්දෝ කියති.
මේ පිළිබදව කොටපොළ ප්‍රාදේශීය සභාවේ ලේකම් මුදලිගේ ජිනදාස මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ මාළු ලෑලි තුන ටෙන්ඩර් කැඳවා ඇත්තේ සති පොළ අසල පවත්වාගෙන යාමට බවත් ජනතාවගෙන් විශාල ලෙස පැමිණිලි ලැබී ඇති නිසා එය සති පොළ අසලට රැගෙන යන ලෙස මිලදී ගත් අයට පැවසූ බවත්ය.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙණියාය මාළු ලෑලි රත්වෙයි
sam Wednesday, 03 January 2018 10:07 AM
ප්‍රාදේශීය සභා වල ඉන්න නිලධාරීන්ගේ මෝඩකම පෙන්වන තවත් අවස්තාවක්. ටෙන්ඩර් දාලා ඉවරවෙලා ඊට පස්සේ මාළු ලෑල්ල වෙනත් තැනකට ගෙනයාමට නීතියෙන් ඉඩක් නැහැ. ටෙන්ඩරයට ලංසු තියන්නන් එම ස්ථානයේ ඇති ජනාකීර්ණතාවය මුලිකම වටිනාකමක් ලෙස සලකනවා. නගරය අපවිත්‍ර වෙනවානම් ගඳ ගහනවානම් පරණ ටෙන්ඩර් කාල සීමාව අවසන් වූ පසුව අලුත් ටෙන්ඩරයක් කැඳවන්න පෙර අලුත් තැනක් හදලා ඒ තැන සඳහා ටෙන්ඩර් කැඳවිය යුතුයි.