( එම්.සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජේ.විජේසිංහ)
තේ වගාවට අවශ්‍ය පොහෝර ඉල්ලා අද (21) උදේ තල්ගස්වල නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් පැවැත්විණ.
කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ සභාපති නිශාන්ත පෙරේරා, එම සංවිධානයේ ගාලු දිස්ත්‍රික් සංවිධායක පී.කේ.ජයසුන්දර සහ නාගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රංජිත් ජයවීර යන මහත්වරුන් ඇතුළු කුඩා තේ වතුහිමියන් පිරිසකගේ සහභාගීත්වයෙන් මේ උද්ඝෝෂණය පැවැත්විණ.
රටට ඩොලර් නැති නිසා රජය පොහෝර ආනයනයෙන් වැලකී සිටින බවත් පොහෝර නැති නිසා තමන්ගේ තේ වගාව මේ වනවිට විශාල ලෙස විනාශ වෙමින් පවතින බවත් උද්ඝෝෂකයෝ පැවසූහ.
තේ පොහොර නැතිකමෙන් තේ වගාවට සිදුවන විනාශය ඇතුලත් විරෝධතා පුවරු ඔසවාගෙන ඔවුහු පැයක් පමණ විරෝධතාවයේ යෙදී සිටියහ.
මේ උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට නාගොඩ පොලීසියේ පොලිස් කණ්ඩායමද කැදවා තිබෙනු දක්නට ලැබිණ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තේ පෙහොර ඉල්ලා තල්ගස්වල උද්ඝෝෂණයක්