
(දයාරත්න ඇඹෝගම)
ජනතාව පෙළන තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (02) දින අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිටදි පැවැත්වුණි.
උද්ඝෝෂණයේ යෙදුන පිරිස අනුරාධපුර ඩි.එස්.සේනානායක වට රවුම අසලට එක්ව විවිධ පොස්ටර් හා බැනර් රැගෙන යතුරැ පැදි හා පා ගමනින් අනුරාධපුර මෛත්රිාපාල සේනානායක මාවත ඔස්සේ නව බස්නැවතුම් පල ඉදිරිපිටට පැමිණ’ උද්ඝෝෂණයේ නිරත විය.
මෙහිදි අදහස් දැක්වු රඹෑව ප්රාවදේශිය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්රිණ හා සම්ථලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න මහතා මෙසේ පැවසිය.
‘විදුලිබලය හා ඉන්ධන නොමැති කම හේතුවෙන් ජනතාව පිඩාවට පත්ව සිටිනවා.ගොවි ජනතාව තමන්ගේ අස්වැන්න නෙලා ගැනිමට නොහැකිව කුඹුරේ දුක්විදිනවා.’භුතයා’ ගෙන් අසුවනු නෙලමින් සිටියදි ඉන්ධන අවසන්වි ගොවියා කබලෙන් ලිපට වැටිලා.මේ අර්බුදයට විසදුම් ලබාදෙන්න රජය අපොහොසත්ව සිටිනවා’.එම නිසා වහාම මැතිවරණයක් පවත්වන ලෙසට රජයට අභියෝග කරන බව හෙතෙම පැවසිය.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර මහ නගර සභාවේ මන්ත්රිිවරැන් වන ප්රසභාත් කිර්ති වැවේගෙදර,අසේල විජේසිංහ,සිතා හේරත් යන මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd