(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් මරමින් සිටි ධීවරයින් 24 දෙනෙකු අද (20) වැලිගම මුහුදු තීරයේදී වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිගම හා මිරිස්ස යන ප්‍රදේශවල පදිංචි ධීවරයින් බව කියයි. අදාල ධීවරයින් එන්ජීන් සවිකළ විශාල ඔරු මගින් තහනම් දැල් යොදා ගනිමින් මසුන් මරමින් සිටියදී වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වූ ධීවරයින් සමඟ තහනම් දැල් ආම්පන්න තුනක් හා විශාල ඔරු තුනක් ද අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් 24 දෙනා මාතර සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දීමට කටයුතු කර ඇති අතර කොළඹ ධීවර දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය මගින් මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා සහකාර අධ්‍යක්ෂ එන්.ඩබ්ලියු .ඩි.එස් .යු. පරණවිතාරන , ධීවර පරීක්ෂක එස්.සමරනායක යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තහනම් දැල් යොදාගෙන මසුන් මැරූ 24 ක් අත්අඩංගුවට