(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - අකුරම්බඩ ප්‍රදේශයේ දී වෙඩි වැදී තුවාල ලබා සිටියේ යැයි සැක කරන ලද වන අලියා අද (14) පස්වරුවේ මිය ගිය බව වන ජීවි දෙපාර්තමේන්තුව කියයි.
ඊයේ (13) අලුයම් කාලයේ දී අකුරම්බඩ - දල්ලන්ද ප්‍රදේශයේ වගා බිමක් ආසන්නයේ වේදනාවෙන් පසුවන වයස අවුරුදු 42 – 45 අතර වන අලියෙකු සම්බන්ධයෙන් වන ජීවි නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.
අද උදෑසන වනවිට අලියාගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අක්‍රමවත් වී තිබූ බව ඇළහැර වනසත්ව අඩවි ආරක්ෂක රංජිත් කේ. විජිත මහතා පැවසීය.
අලියාගේ සිරුර පොළොවට යටවූ කොටසින් ලේ වහනය වූ බවද, එසේ තුවාල ලැබීමට හේතුව වෙඩි වැදීමක්දැයි යන්න සොයාබැලීමේ කටයුතු සිදුවෙමින් පවතින බවද ඔහු කීය.
ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු කැඳවීමට අවශ්‍ය පියවර ගත් බවත් පස්වරු 2. 30 දක්වා ද එම ස්ථානයට වෛද්‍යවරයෙකු පැමිණ නොසිටි බවද ප්‍රදේශවාසීහු කියා සිටියහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තුවාල ලැබූ අකුරම්බඩ වන අලියා මිය යයි
Akila Wednesday, 14 August 2019 11:04 AM
අපේ අලින් ජාතික සම්පතක් සේ සලකලා මෙලෙස අලින්ව ඝාතනය කරන අයට මරණ දඬුවම දෙන්න කාලේ හරි, මොකද මේ අලි ටික නැති උනොත් අපිට ගොඩක් දේවල් නැති වෙනවා