(ජේ. කේ. එල්.චාමින්ද)
තවලම සතිපොළේ වෙළඳමේ නිරත පුද්ගලයන් 23 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (14)තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා පවසයි.
ඊයේ දින (13)තවලම සතිපොළේ වෙළඳුන් සහ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයන් 88 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළ බව ද ඒ මහතා පවසයි . අද එහි ප්‍රතිඵල නිකුත් වූ අතර, ඒ අනුව 23දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත. මීට පෙරනෙලුව පෙදෙසෙහි පුද්ගලයින් 08දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබුණි. ඒ අතරනෙළුව රෝහලේ හෙදි නිලධාරිනියක් ද වේ.
සතිපොළට පැමිණි පිටිගල ප්‍රදේශයේ වෙළෙන්දෙගෙන් මෙම කොරෝනා පොකුර නිර්මාණය වී ඇති බව අනාවරණය වී ඇති බව හෙතෙම පවසයි. අද දින කොරෝනා ආසාධිතයින් අකුරැස්ස නෙළුව තවලම තිහගොඩ ආදී ප්‍රදේශවල පදිංකරුවෝ වෙති. මෙම තත්වයත් සමඟ නෙළුව, තවලම, ඕපාතයන සතිපොළවල් වසා දැමීමට නිර්දේශ කොට ඇති බව ද හෙතෙම පවසයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තවලමේ සතිපොළේ වෙළඳාම් කළ 23කට කොරෝනා