IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ත්‍රි’ මලේ දාගැබ සංරක්ෂණයේ ගැටලු ගැන රැස්වීමක්

(අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය උණුදිය ළිං පුරාවිද්‍යා භූමියේ කැණීම් කර මතු කරගත් දාගැබ  සංරක්ෂණය  කිරීමේදී එහි හින්දු කෝවිලක් තිබූ බවට කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට දිසාපති  කාර්යාලයේ අද (10) පැවැති රැස්වීමේදී උණුසුම් තත්වයක් ඇතිවිය.

ප්‍රදේශයේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා දාගැබ සංරක්ෂණය කිරීමේ කටයුතු නැවැත්වුවත් එය දිගටම නැවැත්වීමට තමන්ට බලයක් නොමැති බව දිසාපති එන්.ඒ.ඒ.පුෂ්පකුමාර මහතා පැවසීය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා මෙම චෛත්‍යයේ පෞරාණික බව හා පුරාවිද්‍යා පනත ප්‍රකාරව එහි නෛතික තත්වය පැහැදිලි කර දුන්නේය.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති  මෙම චෛත්‍ය අනුරාධපුර මුල් යුගයට  අයත්  බවත් සෙසු ඉදිකිරීම් පසුකාලීනව  කළ  ඒවා බවත්  චෛත්‍ය සංරක්ෂණය කිරීමට නම් පසුකාලීන ඉදිකිරීම් ඉවත් කළ යුතු බවත් ඒ මහතා කීය.

එහිදී හින්දු ආගමික කටයුතු  හා ජාතික ඒකාබද්ධ  අමාත්‍ය  මනෝ ගනේෂන් මහතා පැවසුවේ ඉපැරණි දාගැබ ආශ්‍රිතව තිබූ බව කියන කෝවිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බැරිනම්  ඒ සම්බන්ධයෙන් ජනාධිපති  හා අගමැති  සමඟ සාකච්ඡා කර  තමන් තීරණයක් ගන්නා බවයි.

ඉතිහාසය ආරක්ෂා කිරීමට ගොස් ජන ජීවිතය විනාශ වීමට ඉඩ නොදිය යුතු බවත්,  එය හැමෝම දැකගත යුතු බවත් පවසමින් එහි වැඩ සිටි මහා සංඝරත්නය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට විරෝධය දැක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා උණුදිය ළිං පරිශ්‍රයේ  පිහිටි ආරක්ෂක ස්මාරකය සම්බන්ධයෙන්  පවතින  නීතිය අනුව කොළඹට ගොස් තීරණය කළද මෙහිදී තීරණය කළද එකම යැයි කීම සමඟ තීරණයකින් තොරව සභා රැස්වීම අවසන් විය.



අදහස් (2)

ත්‍රි’ මලේ දාගැබ සංරක්ෂණයේ ගැටලු ගැන රැස්වීමක්

Nuwan Monday, 10 June 2019 12:48 PM

තොරෝම්බෝල් වෙළදාමේ ඇවිත් බින්න බැහැපු කට්ටිය එක පැත්තකින් රට ගිනි තියනවා අනිත් පැත්තෙන් ආක්‍රමණ විදිහට ඇවිත් පැලපදියම් උනු කට්ටිය රට කනවා.

:       0       1

රජින්ද Monday, 10 June 2019 01:10 PM

රටේ ප්‍රධාන ජන කොටස වන සිංහලයින් හෑල්ලුවට ලක්වෙන විට, නොසලකනවිට ඒ වේදනාව දරා සිටීම කෙතරම්නම් අභාග්‍යක්දැයි කීමට නුපුළුවන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32320 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14829 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 88 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 370 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1296 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site