(ක.ග කරුණාරත්න)
ත්‍රස්තවාදයට, අන්තවාදයට විරුද්ධව පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තාවන්ගේ විරෝධතාවය යන මැයෙන් උද්ඝෝෂණයක් හා පාගමනක් අද (15) පොළොන්නරුව නගරයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තා බල මණ්ඩලය මෙය සංවිධානය කර තිබුණි.
පොළොන්නරුව නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට දී පැවැති උද්ඝෝෂණයෙන් අනතුරුව කාන්තාවෝ පොළොන්නරුව රෝහල හන්දිය දක්වා ප්‍රධාන මාර්ගයේ විරෝධතා පාගමනේ යෙදුණහ.
"අසාත් සාලි, හිස්බුල්ලා නීතිය හමුවට කැඳවනු" "වෛද්‍ය වෘත්තියට නිගා කළ ෂාෆිට නීතිය ක්‍රියාත්මක කරනු" "එක රටකට එක නීතියක්' "ගර්භාෂ යුද්ධය නවතනු" යනුවෙන් සඳහන් විරෝධතා පුවරු රැගෙන සටන් පාඨ කියමින් ඔවුහු පෙළපාළියේ ගමන් ගත්හ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ත්‍රස්තවාදයට, අන්තවාදයට එරෙහිව කාන්තා උද්ඝෝෂණයක්
ravi Saturday, 15 June 2019 09:26 AM
මව්වරුනි, කාන්තාවනි, මේ ප්‍රශ්නය ඔයාලට ගෙදරදීම මීටත් වඩා හුඟාක් හොඳට විසඳගන්න පුළුවන් නේද.. සංවිධානාත්මකව හොඳට ඇස් ඇරලා බලන්න ඔයාලගේ පවුලේ , අසල්වාසීන් පන්සලේ කතාබහ වෙන දේවල්. අන්න එවැනි පුද්ගලයන් සහ ස්ථාන මගහැරීමද මෙයට ලොකු උදව්වක් වෙයි. කාන්තාවන්ට හැම දෙයක්ම හදන්න පුළුවන්.. රටකට අනාගත පරපුර බිහිකරන ඔබ කාන්තාවන්ට අලුත් රටක්, පිරිසිදු සමාජයක් බිහිකිරීමේ වරමද හිමි බව අමතක නොකරන්න !