(ඡායාරූප හා සටහන -මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
කඳපොළ පොලිස් වසමට අයත්, නුවරඑළිය-උඩුපුස්සල්ලාව ප්‍රධාන මාර්ගයේ, කඳපොළ එස්කඩේල් ප්‍රදේශයේදී අද (17) ත්‍රීවීල් රථයක් අඩි 100 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි එකම පවුලේ මව හා පියා මිය ගොස් දරුවන් තිදෙනෙක් බරපතල තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ.
මෙසේ මිය ගොස් ඇත්තේ, වලපනේ, මන්දාරම් නුවර, එළමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සැමියා හා බිරිඳ වන ටී.පී රූපසිංහ (50) හා රෝහිණී කුමාරි (45) යන දෙදෙනාය. තුවාල ලබා සිටින දරුවන් අවුරුදු 06, 16 හා 19 වයස්වල පසුවන ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයින් දෙදෙනෙකි.
ත්‍රිරෝද රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව වැඩිදුර පරීක්ෂණ පවත්වන කඳපොළ පොලීසිය පවසයි.
මිය ගිය අයගේ මළසිරුරු නුවරඑළිය මහ රෝහලේ තැන්පත් කර ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ත්‍රිරෝදයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට