( රවින්ද්‍ර ලියනගේ )
දංකොටුව පොලිස් වසමේ කිරාගාර ප්‍රදේශයේදි යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයකුට තියුණු ආයුද වලින් පහර දි ඝාතනය කර ඇතැයි දන්කොටුව පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ වයික්කාල කම්මල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ජුඩ් දුෂාන්ත ප්‍රනාන්දු නැමත්තෙකි.
යතුරු පැදියකින් කිරාගාර ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියදි ත්‍රිරෝද රියකින් පැමිණි පිරිසක් මග හරස් කර යතුරු පැදිකරු නතර කර තියුණු ආයුධ වලින් පහරදි ඝාතනය කර පලා ගොස් ඇති බව මුලික පරික්ෂණවලදි අනාවරණය වි ඇතැයි පොලීසිය කියයි.
මියගිය අයට විරුද්ධව අධිකරණ වල නඩු කිපයක් පවතින බවත් වසර කිපයකට පෙර වයික්කාලේදි කාර් රථයකට වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇපමත නිදහස් වි පැමිණ ඇති බවත් පොලිසිය කියයි.
ඝාතනය සිදුකළ බව කියන සැකකරුවන් හදුනා ගෙන ඇති බවත් ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට පුළුල් පරික්ෂණයක් සිදුකරන බවත් පොලිසිය කියයි.
සිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය එම රෝහලේ දි සිදුකිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තියුණ ආයුධ වලින් පහරදි පුද්ගලයකු මරලා