IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තැම්බූ හූනා ගෙනා තක්කඩියෝ දෙදෙනාම අසුවෙති

. කරුණාරත්න


 තමන්ට කෑමට දුන් බත්පතේ මැරුණු හූනෙකු සිටි බවට බොරු රඟපෑමක් කර හෝටලයේ හිමිකරු බියවද්දා රුපියල්  3000 ක කප්පම් මුදලක් රැගෙන පලායමින් සිටි තරුණයෝ දෙදෙනෙකු අද(24) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


තරුණයින් දෙදෙනාගේ තර්ජන වලට බියවී කප්පම් මුදල ලබාදුන් හෝටලයේ හිමිකරු ඔවුන් හෝටලයෙන් නික්ම ගිය පසු ආරක්ෂක කැමරා පද්ධතියේ රූප රාමු පරීක්ෂාකර බලද්දි එම තරුණයින් විසින් මරන ලද හූනෙකු රැගෙනවිත් කෑම පිඟානට දමන අයුරු දැක තිබේ.


පසුව ඔවුන් ලුහුබැඳ ගොස් අල්ලා ගස් බැඳ පොලිසියට බාරදී ඇත.


හෝටල් හිමියා ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාටද මේ පිළිබඳව පැමිණිලි කර ඇති අතර ඔහු පැමිණ පරීක්ෂා කර බලද්දී පිටතින් රැගෙන විත් කෑම පිඟානට දමා ඇත්තේ මරා තම්බන ලද හූනෙක් බවද හෙළිවී තිබේ.


හෝටල් හිමියා මුලා කොට රුපියල් 3000 ක කප්පම් මුදලක් ලබා ගත් බව කියන තරුණයින් දෙදෙනා මාතලේ නාවුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුහු තදින් මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින බවත් හෝටල් හිමියා බියවද්දා ලබාගත් එම මුදල්ද මත්කුඩු මිලදී ගැනීම සඳහා ඊසි කෑෂ් ක්‍රමයට ගෙවීම් කර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී  අනාවරණය කර ගැනීමට හැකි වූ බව විමර්ශන කටයුතු සිදුකරන පොලොන්නරුව පොලිසියේ නිලධාරීහු පැවසූහ.

 



අදහස් (1)

තැම්බූ හූනා ගෙනා තක්කඩියෝ දෙදෙනාම අසුවෙති

Nihaal Saturday, 24 February 2018 01:29 PM

සිම්පල් ඔය හුනාම මුන්ට කන්න දෙන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 738 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2395 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site