ලංකාදීප පුවත්පත 12 වැනි වරටත් ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරස්ථානයේ පොසොන් ආලෝක පූජාව ජුනි එක සහ දෙක දිනයන්හි පවත්වයි.
ආලෝක පූජාවට සමගාමීව විශේෂ ආගමික වතාවත් සිදු කැරෙන බව තන්තිරිමලේ රජ මහා විහාරාධිපති උතුරු හා නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක තන්තිරිමලේ චන්දරතන නාහිමියෝ පවසති.
තන්තිරිමලේ රජ මහා විහාරයට මෙවර පැමිණෙන වන්දනාකරුවන් සඳහා විශේෂ සේවාවන් සැපයීමට පොසොන් උත්සව කමිටුව මගින් විධි විධාන යොදා තිබේ.
ජුනි පළමු වැනි දා (සඳුදා) රාත්‍රී ලංකාදීප පොසොන් ආලෝක පූජාව විවෘත කිරීමෙන් පසුව විශේෂ බුද්ධ පූජා වැඩසටහනක් ද, පොසොන් බැති ගී ප්‍රසංගයක් ද පැවැත්වේ.
මෙම වැඩසටහන් ජාතික රූපවාහිනිය ඔස්සේ ද සජීවීව විසිරුවා හැරීමට නියමිතය.
එදින රාත්‍රිය පුරා ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් ද, ඔසු පැන් හා සිසිල් පැන් දන්සල් ඇතුළු ආහාරපාන ආදිය සංග්‍රහ කිරීම ද සිදු වන බව චන්දරතන නා හිමියෝ පැවසූහ.
ජුනි දෙවැනි දා (අගහරුවාදා) ද ලංකාදීප ආලෝක පූජාව පැවැත්වේ.
තන්තිරිමලේ වැඳපුදා ගැනීමට පැමිණෙන ජනතාව සඳහා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා උතුරුමැද මගී ප්‍රවාහන අධිකාරියේ මෙහෙයවීමෙන් අනුරාධපුරයේ සිට විශේෂ බස් රථ 30ක් යොදවා ඇත.
තන්තිරිමලේ පූජා භූමිය අවට මෙවර විශේෂ පොසොන් කලාපයක් ද පැවැත්වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තන්තිරිමලේ වැඩසටහන් රැසක්