IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


තන්තිරිමලේ ආලෝක පූජාව ජුනි 01,02

විල්පත්තු මායිමේ පිහිටි ඓතිහාසික තන්තිරිමලේ ලංකාදීප ආලෝක පූජාව 12 වැනි වරටත් ජුනි පළමු වැනි දා සහ දෙවැනි දා පැවැත්වේ.

ක්‍රිස්තු පූර්ව 543 සඟමිත්  තෙරණිය උතුරේ දඹකොල පටුනේ සිට මල්වතු ඔය ඔස්සේ අනුරාධපුරය දක්වා ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවාගෙන එද්දී එවකට තිවක්ක බමුණුගම නමින් හැඳින්වූ තංතිරිමලේ ගල් තලාවේ රැය පහන් කළ බව ඉතිහාසය කියයි.

තන්තිරිමලේ චන්දරතන තන්තිරිමලේ රාජ මහා විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සීමා සහිත විජය පුවත්පත් සමාගම මේ ආලෝක පූජාව පවත්වයි.

හිටපු ඇමැතිවරයකු වූ සිරිල් මැතිව් මහතා මහ වන මැද පිහිටි මෙම පුද බිම පූජා භූමියක් බවට පත් කළේය. අපවත්වී වදාළ කුඩාකෝංගස්කඩ විමලඥාන නාහිමියන් 1960 දී මැදවච්චියේ සිට ගැමියන් පිරිසක් ද සමඟ පැමිණ වල් බිහි වී තිබූ මෙම පුදබිම සොයා ගත්තේය.

විහාරස්ථානය ගොඩ නැගී ඇත්තේ අක්කර 250ක මහා ගල්තලාවක් මැදය. අඩි 45ක් දිග ශෛලමය සැතපෙන පිළිමයක් ද, අඩි අටක් උස සමාධි පිළිමයක් ද, පොත් ගුලක්, පධානඝරයක්ද, භාවනා කුටි, ප්‍රාග් ඓතිහාසික යුගයේ බව කියන ලෙන් සිතුවම් ද එහි ඇත.

අනුරාධපුර තිසාවැව අසල සිට ඇලයාපත්තුව ඔස්සේ මහ විලච්චිය ගමට ළඟා වීමේදී තන්තිරිමලේ පුද බිම හමුවේ. අනුරාධපුරයේ සිට දුර කිලෝ මීටර 45කි.

(ඡායාරූප අතුල බණ්ඩාර)

IMG_6663 IMG_6660 IMG_6657

(පුස්තකාල ඡායාරූප දෙකකි)

59(8) 61(7)  

 



අදහස් (0)

තන්තිරිමලේ ආලෝක පූජාව ජුනි 01,02

බණ්ඩාර කුවේට් Sunday, 24 May 2015 03:36 PM

මා උපන් ජීවත්වෙන පින් බිම සාදු සාදු (නදී)

:       0       0

උපුල් Sunday, 24 May 2015 04:04 PM

පොසොන් එකට එන්න.තන්තිරිමලේ වඳින්න බලන්න වගේම විඳින්න වටිනා තැනක්. තන්තිරිමලේ ගැන මුළු ලෝකෙම දැනගත්තේ මුලින්ම ලංකාදීප පත්තරෙන් (නි)

:       0       0

සම්පත් Thursday, 28 May 2015 02:20 AM

සියල්ලෝම පැමිනෙත්වා(නදී)

:       0       0

වසන්ත Sunday, 24 May 2015 09:50 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

කුමාර Wednesday, 27 May 2015 04:16 PM

සාධු, සාධු, සාධු.(හේ)

:       0       0

මොවින්ද Monday, 25 May 2015 03:57 AM

සාධු සාධු !!! මෙ පින් බලෙන් සියල්ලොම සුවපත් වේවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31014 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13146 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10941 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 13 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site