IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


තංගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ කලබලයක්

 (අනීෂා මානගේ)
තංගල්ල මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ඇතැම් රෝගීන්ට රෝහලට ඇතුළු වීමට ඉඩ නොදෙන බව කියමින් අද (4) රෝගීහු පිරිසක් තංගල්ල මූලික රෝහල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණහ.
 
තංගල්ල මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ  සායන කටයුතු බදාදා සහ සිකුරාදා යන දිනවලදී සිදුකෙරෙන අතර එලෙස බාහිර රෝගී අංශයෙන්  ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ඇතැම් රෝගීන්ට රෝහලට ඇතුළු වීමට රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීන් අවස්ථාව ලබා නොදීම නිසා රෝගීහු කලහකාරී ලෙස හැසිරුණහ.
 
 රෝගීන් පවසන්නේ තමන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අලුයම් කාලයේ සිට රෝහල අසල රැඳී සිටියද තමන්ට ඒ සඳහා අවස්ථාව ලබා නොදෙන බවයි. මේ හේතුවෙන් ඇතැම් රෝගීන් ආරක්ෂක අංශයේ නිලධාරීන් සමඟ මෙන්ම රෝහලේ පරිපාලන නිලධාරීන් සමඟ බහින්බස් වූහ.
 
 
කෙසේ වුවද ඇතැම් රෝගීන් පවසන්නේ තමන් අළුයම් කාලයේ සිට රෝහල අසල රැඳී සිටියද තමන්ට පසුව පැමිණෙන ඇතැමුන්ට තමන්ට කලින් ප්‍රතිකාර ලබා දෙන බවයි. මේ හේතුවෙන් උරණ වූ ඇතැමුන් රෝහල අසල කලහකාරී ලෙස හැසිරුණහ.
 
අප මේ සම්බන්ධයෙන් තංගල්ල මූලික රෝහලේ පරිපාලන නිලධාරී සී.එන්.ජයසේකර මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ,  තංගල්ල මූලික රෝහලට පැමිණෙන රෝගීන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් සලකා බලා සියලුම රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට නියමිත කාලසටහනක් ලබා දී ඇති බවයි.
 
වසරේ සෑම මසකම එක් දිනයක් සහ නියමිත වේලාවක් වෙන් කර ලබා දී ඇති අතර එම වේලාවට පැමිණි සියලුම රෝගීන්ට රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසලදී අංකයක් ලබා දී රෝහලට ඇතුළු කරගන්නා බවයි.
 
එසේ පැමිණෙන රෝගීන්ට මිනිත්තු 30ක් වැනි කෙටි කාලයක් ඇතුළතදී කිසිදු රස්තියාදුවකින් තොරව ප්‍රතිකාර ලබා ගෙන පිටව යා හැකි බවද කීවේය. මෙම අංක ලබා දීමේ ක්‍රමවේදය මගින් රෝගීන්ට බෝවන රෝගවලින් ආරක්ෂා වීම, පෝලිම්වල සිටීමෙන් සිදුවන අපහසුතා මඟහරවා ගැනීම, නිකරුනේ රෝහල තුළ රැඳී සිටීමෙන් වැළකී සිටීමට හැකි වන බවද හෙතෙම පැවසීය.  



අදහස් (0)

තංගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ කලබලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 838 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2479 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site